Breaking News

අව්වට නිවසක් ගිණි ගනියි (Photos)


හැටන් නගරයේ පිහිටි නිවසක් දැඩි හිරු රශ්මිය හේතුවෙන් ගිණිගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාව පවසයි.

හැටන් සර්කියුලර් පාරේ නිවසක අද දහවල් 12.00 ට පමණ මෙම ගින්න ඇතිව තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් අධික හිරු රශ්මියක් ඇද වැටෙයි.

මෙම අනතුරට ලක්වූ නිවසේ වහළ සෙවිලි තහඩුවලින් ආවරණය කර ඇති අතර නිවසේ සිවිලිමේ පරණ කඩදාසි සහ පාවිච්චියට නොගන්නා වෙනත් උපකරණ ආදිය ගබඩා කර තිබී ඇත.

මෙම ගින්නෙන් නිවසට දැඩි හානියක් සිදුවී ඇති මුත් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුවී නැත.ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබේ.

No comments