Breaking News

UPDATE: කොළඔ ගොඩනැගිල්ලක් කඩා වැටී හත්දෙනෙක් මරුට...


කොළඹ ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බව ද සඳහන්.
තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

No comments