Breaking News

UPDATE; ගෑස් සමාගම් පවසන්නේ අසත්‍යක්,ආණ්ඩුව තවම තීරණයක් නෑ - බදියුදීන්


ගෑස් මිල වැඩිකිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

ගෑස් මිල වැඩිකිරීමට සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබුණද, ආණ්ඩුව මෙතෙක් ඒපිළිබඳ සාකච්ඡා කර නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මහතා,

"පාරිභෝගික අධිකාරියට මේ වෙලාවේ මිල වැඩිකිරීමේ ඉල්ලීම්හැමදාම එනවා. නමුත් ඒකට මිල කමිටුවක් තිබෙනවා. ජීවන වියදම් කමිටුවක් තිබෙනවා. කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. මේ සියල්ලන් සමග කතාකරලා තමයි අපි තීරණයක් ගතයුතුව තිබෙන්නෙ.

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක්. මේනිසා මිල සූත්‍රයක් හඳුන්වාදෙන්නත් අපි හිතාගෙන ඉන්නවා. කැබිනට් අනුමැතිය දුන්නොත් පමණයි අපි වැඩිකරන්නෙ. තවම එහෙම තීරණයක් අරගෙන නැහැ" යැයි පැවසීය. 



update; ගෑස් මිල වැඩි කරන්න ආණ්ඩුව එකඟ වූනා - ගෑස් සමාගම් කියයි


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසනවා.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි.

ලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හා රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.



ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.












No comments