Breaking News

අනේ අපි නම් දන්නේ නෑ... අපිට ප්‍රශ්ණයක් වෙයිද..? මහරගම නගර සභාවට පත්වූ බඩල්ගම ගම්වැසියෝ සිය මන්ත්‍රීධූරයට බිය වෙයි. මාමයිට් ජනපදයට අත්වූ ඛේදජනක ඉරණම මෙන්න (VIDEO)


මහරගම නගර සභාවේ බලය දිනාගත් ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් අතරින් බහුතරය ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව දැන් බොහෝ දෙනෙකු දන්නා කරුණක්. 

මේ වනව්ට එලෙස අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්ව සිටින බඩල්ගම, මාමයිට් ජන්පදයේ සහ අකරන්ගහ ප්‍රදේශයේ ගම්වැසියන්, තමන්ට සිදුවූ දේ පිළිබඳව නිසි ආකාරයක අවබෝධයකින් තොරව දැඩි මානසික පීඩනයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

එම ලයිස්තුවේ සිටින අවුරුදු 80 ඉක්මවූ වයෝවෘධ අපේක්ෂකයෙකු අංශභාග (ආඝාතය ) රෝගයෙන් පීඩා විදින අතර ඔහු මන්ත්‍රීවරයෙකු වී ඇතැයි ඔහුට දැනුම්දීමට නොහැකිව අදාළ පවුලේ සාමාජිකයින්  දැඩි කනස්සල්ලෙන් පසුවෙතැයිද, මේ පිළිබඳව දැනගතහොත් ඔහුට එය දරා ගත නොහැකි යැයි පවුලේ ඥාතීන් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබේ. 

රාජපක්ෂ හිතවාදී පිරිසක් විසින් ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් අදාළ පිරිස රවටා නාමයෝජනා සදහා අත්සන් ලබාගෙන ඇති අතර මේ වනවිට ඔවුන්ට විවිධ දේශපාලන කණ්ඩයම් විසින් දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදීම, නිවෙස් කරා පැමිණීම යන කරුණු නිසා ඔවුන් භීතියට පත්ව තිබේ. 

මේ පිළිබඳව සිරස නිවුස් ෆස්ට්  පළකල මාධ්‍ය වාර්තාව පහතින් දැක්වේ. 


No comments