Breaking News

අම්පාරේ හෝටලයක වඳ බෙහෙත් දමා අතටම හසුවෙයි..! (VIDEO)

අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.
මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.
අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගෙන තිබුණා.
කෙසේ වෙතත් මේ පිළිබඳ සමාජ ජාලා වල ඇතැම් අය ප්‍රකාශ කරන්නේ මෙම වීඩියෝවේ අදාල පෙති සහ කෑම පිඟාන දර්ශනය නොකරන්නේ ඇයිද යන්නය..
එමෙන්ම විශාල මිනිසුන් ප්‍රමාණයක් පැමිණ තර්ජනය කර මෙම ප්‍රකාශය ලබා ගත් බවටත් සමාජ ජාලා වල සාකච්ඡාවට ලක් කෙරෙන කරුණුය.
මේ එම පුද්ගලයා විසින් වද පෙති දැමූ බවට පිළිගත් වීඩියෝවයි,

No comments