Breaking News

දේශපාලකයන්ට වඳින්න එපා මංගල කිව්ව කතාව බුකිය කලබයි... - Video


ලංකාවේ පාසල් වල පවත්වන ව්ශේෂ උත්සව වලට නොවරදවාම දේශපාලකයන්ට ආරාධනා කරනවා. ඉතින් එම ආරාධනා පිළිගෙන පාසල් වලට එන දේශපාලකයන්ට පාසල් ළමුන් යොදාගෙන අසීමිත ගෞරවයක් ලබාදෙනවා. දේශපාලකයන් නිසා ගුරුවරු ළමුන් එසේ කටයුතු කිරීම ගැන වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතා පාසල් උත්සවයකට සහභාගී වී අපූරු ආර්ශමත් කතාවක් සිදු කරා මෙරට දේශපාළකයෙකුගෙන් කිසිදිනක නොඇසුන මංගල සමරවීර මහතා ළමුන් අමතා කළ අපූරු කතාවයි මේ.....
දැන් මං මේ පාසලට පැමිනෙනකොට අපේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණඩලට ඇතුළු ඒ ශිෂ්‍යයාවන් ඉතාමත්ම ගොෟරවයෙන් මාව පිළිගත්තා. පිළි අරගෙන ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීලා දණ ගහලා වැන්දා මම කීව්වා වදින්න එපා මොකද මේක ඉතා වැදගත් දෙයක් මොකද අපි බලය ඉදිරියේ දණ ගහන්නේ නැති තරුණ පරපුරක් නිර්මාණය කරන්න ඕන
මේක හරි කැත වැඩක් මේ අපේ පොඩි ළමගේ ඉදලා උසස් පෙළ ළමයා දක්වා ප්‍රදේශීය සභාවේ සභාපති ආවත් , පළාත් සභාවේ සභාපති ආවත් මන්ත්‍රී වරයෙක් ආවත් කැබිනට් ඇමතිවරයෙක් ආවත් කව්රු ආවත් දැන් දණ ගහලා වඳිනවා. ඇත්ත වශයෙන්ම මම දන්න හැටියටනම් අපි වඳින්න ඕන අපි බෞද්ධයන් හැටියට බුදුරාජණන් වහන්සේට එහෙම නැත්තම් අපේ ආගමික නායකයන්ට පුජ්‍ය පක්ෂයට දෙවනුව අපි වඳින්න ඕන අපේ අම්මටත් තාත්තටයි මොකද මම දන්න හැටියටනම් අම්මයි තාත්තයි තමයි අපි ජීවමානව දකින දෙවිවරු දෙන්නා ඒ දෙන්නාට වැන්ඳට පස්සේ තමන්ගේ විදුහල්පති තුමියට ගුරුවරුන්ට වැන්ඳම ඇති
මෙතෙන්ට මම ඇවිල්ලා මේක විවෘත කරලා ගෙදර ගිහිල්ලා කුඩු විකුණනවා කියලා දන්නේ කොහොමද? එහෙම නැත්තම ගෙවල් කඩනවා කියලා දන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම බලය ඉදිරියේ දණ ගහන්නේ නැතිව හැම කෙනෙකුටම දේශපාලකයන්ට අචාර කරන්න පුළුවන් අතට අත දෙන්න පුළුවන් ගරු කළ යුතු දේශපාලකයන්ට ගරු කරන්න ඇත්ත වශයෙන්ම  අපි විශේෂයන්ම තරුණ පරපුර කාටවත් දෙවනි නොවන කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නව ශ්‍රි ලාංකීය පරපුරක් නිර්මාණය කිරීමයි මම හිතන්නේ අපට තිබෙන අවශ්‍යතාවය ඒ නිසා මම ඔබලාගේන් ඉල්ලනවා මුදල් ඇමතිවරයා හැටියට නෙවෙයි රටේ අනාගතය ගැන විශාල ආදරයක් තියෙන කෙනෙක් හැටියට මින් ඉදිරියටනම් කරුණා කරලා මං කියපු විදිහට දේශපාලකයන්ටවත් කාටවත් වඳින්න ඕනා නෑ අර කියපු අයට අමතරව



No comments