Breaking News

මහනුවර ඇඳිරි නිතීය අද පස්වරු 04 තෙක්..


පවතින උණුසුම් තත්වය හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැන වූ ඇඳිරි නීතිය අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර අන් සියලු දෙනා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ මහජන පාරක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම ද තහනම් බව පොලීසිය පවසයි.
එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක් මත සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසියම් අයෙකුට අවශ්‍ය වුවහොත්, අදාළ අවශ්‍යතාව සඳහන් කර කවර හෝ පොලිස්ථානයක ස්ථානාධිපතිවරයකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.
එසේම ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඬුවම් ලැබීය හැකි වරදක් බව ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

No comments