Breaking News

හොඳම යාළුවාගේ කළින් පෙම්වතා අවුරුදු 15 දැරියට ලිංගික අතරවර කරලා

feature-top


අරණායක 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් 26 හැවිරිදි වැඩිහිටි තරුණයෙකු විසින් අවස්ථා දෙකකදි ලැගුම් හලක සහ නිවසක රඳවාගෙන අතරවරයට ලක් කිරිමේ පුවතක් අරණායක පොලිසියට ඊයේ ( 28) පස්වරුවේ වාර්තා විය.

දැනට අතවරයට ලක් වි ඇති මෙම බාලවයස්කාර තරුණියගේ හොඳම යාළුවා විසින් ඇයට මෙම වැඩිහිටි තරුණයාගේ ජංගම දුරකථන අංකය ලබා දීමෙන් පසුව පවසා ඇත්තේ තමන් කලින් පෙම් කරන ලද තරුණයා ඔහු බවත් ඇයට ද අවශ්‍ය නම් ඔහු සමග කථා කරමින් හඳුනාගන්නා ලෙස බව පවසමිනි. 

ඊට කැමැත්ත ලබා දුන් අතරවරයට ලක් වු දැරිය එම  එම තරුණයාගේ ජංගම දුරකථන අංකයට කථා කරමින් ඔහු හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කථා බහ නිරන්තරයෙන් දෙදෙනා අතර සිදු වු  අතර තරුණයාගේ ජංගම දුරකථන අංකයට බාලවයස්කාර දැරිය අත ඇති ජංගම දුරකථනය භාවිතා කර නිවසේදි ඉතා රහසිගතව පෙම් බස් දොඩන ලද මේ දෙදෙනා විසින් හමු වි කථා බස් කිරිමට දිනයක් කථිකා කර ගෙන ඇත. ඒ අනුව මාවනැල්ල නගරයේ ස්ථානයකදි හමු වු පළමු දවසේදිම දැරිය කැමැති කරවාගත් තරුණයා ඇයව ලැගුම්හලක් වෙත කැඳවාගෙන ගොස් අතරවරයට ලක් කර ඇති බව පොලිසිය පවසනවා.

එයින් නොනවතුනු මෙ දෙදෙනාගේ පළමු හමුවෙන් පසුව නැවත වතාවක් උස්සාපිටිය නගරයේදි පසුගිය 20 වැනිදා හමුවි එදිනද තරුණයා විසින් ත‍්‍රීවිල් රථයකට දැරිය නංවා ගෙන පාළු නිවෙසක් වෙත කැඳවාගෙන ගොස් එහිදිද මෙම තරුණයා විසින් ඇයව අතරවරයට ලක් කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අවස්ථා දෙකකදිම මෙම දැරිය නිවසින් පිටවි ඇත්තේ අමතර පන්ති වලට සහභාගි වන බව දෙමාපියන් වෙත දැන්විමෙන් පසුවයි. නමුත් අතවරයට ලක් වු දියණියගේ මවට තම දියණීයගේ හැසිරිම වෙනදා මෙන් නොව යම් සැකයක් තිබෙන නිසා මෙ මව විසින් අරණායක පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. 

ඒ අනුව තරුණයාගේ ජංගම දුරකථන අංකය පමණක් සොයා ගත් අරණායක පොලිසිය ඒ ඔස්සේ පුළුල් විමර්ශනයතක්  ආරම්භ කර අතරවරයට ලක් වු දියණියගෙන්ද කට උත්තර ලබා ගැනිමෙන් පසුව ප‍්‍රධාන සැකකරු මෙන්ම සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතා කෙටි කාලයක් ඇතුලතදිය.

එහිදි අත්අඩංගුවට පත් වි ඇති 26 හැවිරිදි තරුණයා අරණායක දීවෙල, කන්දේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහුට මෙ අතරවරය සඳහා උදව් කර ත‍්‍රීවිල් රථ රියදුරා, ලැගුම් හලේ කළමණාකරු, පාළු නිවසේ යතුර ලබා දුන් තැනැත්තා දැනට අත්අඩංගුවට ගෙන වැඩි දුරටත් පරික්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. 

ජංගම දුරකථන අංකය දැරියට ලබා දුන් යෙහෙළියගෙන්ද පොලිසිය කටඋත්තර ලබා ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ සිදු කිරිමට දැරිය මාවනැල්ල මහ රෝහල වෙත ඇතුලත් කර මේ වන විට ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජීව ගුණතිලක මහතා ඇතුලූ නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.  

No comments