2020 වෙනතුරු අගමැති වෙනසක් නෑ | Reporter 2020 වෙනතුරු අගමැති වෙනසක් නෑ - Reporter

Hot News

2020 වෙනතුරු අගමැති වෙනසක් නෑ


ඒකාබද්ධ විපක්ෂයට උවමනා පරිදි ආණ්ඩුවත් රටත් පාලනය කිරිමට වත්මන් රජය කටයුතු නොකරන බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (21) අඹේවල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ නිරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. 

මේ රට පාලනය කිරිමට ජනාධිපතිවරයාටත් අග‍්‍රාමාත්‍යවරයාටත් ක‍්‍රමවේදයක් ඇති බවත් එම ක්‍රමවේදයට පටහැනිව රට පාලනය කිරිමට කිසිවෙකුටත් නොහැකි බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් පිරිසක් එක්ව අත්සන් කර ඇති විශ්වාසභංග යෝජනාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මන්ති‍්‍රවරුන් කිහිපදෙනෙකු අත්සන් කර ඇතත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බවට තමන්ට විශ්වාස කළ නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

කුමන ආකාරයෙන් විශ්වාසභංග යෝජනා ගෙනාව ද 2020 වසර වන තෙක් රටේ අග‍්‍රාමාත්‍යවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය පි.හැරිසන් මහතා කියා සිටියේය.

ජනාධිපතිතුමන් බලයට පත්වන විට රටේ ජනතාවට පොරොන්දු වුයේ දුෂිතයන් අල්ලා ඔහුන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව ද පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා නව අධිකරණයක් පිහිටුවිමට යෝජනාවක් ඉදිරිපත් වි ඇති අතර එයට මේ වන විට ඒකාබද්ධ විපක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන නිතිඥය සංගමයේ නිතිඥයන් කිහිපදෙනෙකුත් කටයුතු කර ඇති බව ද කියා සිටියේය

No comments