“BFF ගැහුවාම කොළ වෙනවා නම් Facebook ගිණුම ආරක්ෂිතයි.” බුකියේ පැතිරෙන ගිණුම් ආරක්ෂණ ක්‍රමයේ ඇත්ත කතාව .! | Reporter “BFF ගැහුවාම කොළ වෙනවා නම් Facebook ගිණුම ආරක්ෂිතයි.” බුකියේ පැතිරෙන ගිණුම් ආරක්ෂණ ක්‍රමයේ ඇත්ත කතාව .! - Reporter

Hot News

“BFF ගැහුවාම කොළ වෙනවා නම් Facebook ගිණුම ආරක්ෂිතයි.” බුකියේ පැතිරෙන ගිණුම් ආරක්ෂණ ක්‍රමයේ ඇත්ත කතාව .!



පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ෆේස්බුක් ගිණුම් හි තොරතුරු පිටවීමේ සිදුවීමක් නිසා මේ දිනවල ෆේස්බුක් ගිණුම් වල ආරක්ෂාව පිළිබදව අතිශය කතාබහට ලක්ව තිබෙනවා.මේ අතර ෆේස්බුක් ගිණුම් සුරක්ෂිතදැයි පරීක්ෂා කිරීමට වන ක්‍රමයක් යැයි කියන  උපක්‍රමයක් පිළිබදව මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙහි දැක්වෙන්නේ ෆේස්බුක් ගිණුමෙන් “BFF” ලෙසට කමෙන්ට් කළ පසු , එය කොල පැහැයෙන් දැක්වුනහොත් ඔබගේ ගිණුම ආරක්ෂිත බවත් , ඒසෙ නැති නම් ගිණුම ආරක්ෂිත නොවන බවත් ය. 

නමුත් මේ පිළිබදව  අප සොයා බැලු අතර , මෙය අසත්‍යයක් . BFF යන කෙටි අකුරු තුනෙන් දැක්වෙන්නෙ  Best Friends Forever යන අර්ථයයි, ලඟම මිතුරන්ගේ ගිණුම් වල මෙලෙසින් කමෙන්ට් කළ විට එය කොල පැහැති වීමට ෆේස්බුක් වෙබ් අඩවිය සිය සැකසුම් සාදා තිබෙන අතර එය කිසිම විටෙක ආරක්ෂක උපක්‍රමයක් නොවේ.

ෆේස්බුක් සමාගම විසින් BFF  සහ XOXO, Congratulations  යන වචන විශේෂ යෙදුම් ලෙස හදුනාගෙන ඇති අතර ඒවා පළකිරීමෙන් පසු ඒවා මත කල පසු පරිඝනක තිරය මත වෙනස් වෙනස් රටා මැවෙන ලෙස සකස් කර ඇත. 

එම නිසා නූගත් පාර්ශවයන් විසින් පළ කරන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටි බුද්ධිමත් ලෙස හැසිරෙන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

No comments