Breaking News

හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්....


මොරටුව මහනගර සභාව සඳහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කොට නගර සභාවට තේරී පත්වූ සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයාට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයෙන්තුවාල ලැබූ ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරියක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

එගොඩඋයන - සොබාදහම් මාවතේ නිවසෙහි රැදී සිටින අවස්ථාවේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පොදුජන පෙරමුණේ කටුකුරුන්ද ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

No comments