Breaking News

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු අවසානයේ....


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙම අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88,573 දෙනෙකු පෙනී සිටියේය.

No comments