චතුර අගමැති සමග රහස් සාකච්ජාවක.... | Reporter චතුර අගමැති සමග රහස් සාකච්ජාවක.... - Reporter

Hot News

චතුර අගමැති සමග රහස් සාකච්ජාවක....


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මනත්‍රී චතුර සේනාරත්න අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (19) සිදුව තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ සහ චතුර සේනාරත්න අතර ඊයේ (19) පැවති මේ සාකච්ඡාව පුරා පැය 1 ½ ක් පමණ ඇදී ගොස් ඇති අතර එහිදී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඇතුළු විශේෂ සහ තීරණාත්මක දේශපාලන කරුණු කරණා රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මේ සාකච්ඡාවට පැමිණ තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ කැඳවීමට අනුව වන අතර මේ හමුවට පෙර අගමැතිවරයා පසුගිය සිකුරාදා (16) සවස චතුර සේනාරත්න සමග දුරකතනයෙන් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
විශ්වාස භංග යෝජනාව සාර්ථක අවසානයක් කරා පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව සුළුවෙන් නොසිතා එක්සත් ජාතික පක්ෂයටත් තමාටත් අයහපතක් නොවන ලෙස නිවැරදි සහ සාධාරණ තීන්දුවක් ගන්න යැයි චතුර සේනාරත්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් එහිදී විශේෂ ඉල්ලීමක් කර ඇත.

No comments