Breaking News

විද්‍යාපීඨ සඳහා බඳවා ගැනේ....


දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතව ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය  මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

බඳවාගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනු පිළිවෙළට අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබයි.

No comments