කිසිදු පොදු අපේක්ෂකයෙකුට එජාපයේ සහයක් නැහැ... | Reporter කිසිදු පොදු අපේක්ෂකයෙකුට එජාපයේ සහයක් නැහැ... - Reporter

Hot News

කිසිදු පොදු අපේක්ෂකයෙකුට එජාපයේ සහයක් නැහැ...


මින් ඉදිරියට කිසිදු පොදු අපේක්ෂකයෙකුට එක්සත් ජාතික පක්ෂයේ සහය ලබානොදීමට ද අද(29) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ  දී තිරණය කර තිබෙනවා.
රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා.පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්තිගරුකව විශ්වාසභංගය ජයග්‍රහණය කරන්නට කටයුතු කරනවා. හැබැයි පක්ෂයේ ප්‍රතිරූපයේ වෙනසක් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් 2020 අපේක්ෂකයා සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් ඒ වගේම පොදු අපේක්ෂකයෝ අපි නැවතත් කිසිම සහයෝගයක් ලබා නොදෙන බවත් ඒ අනුව කටයුතු කරන ලෙසටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ අගමැතිතුමාට දන්වා සිටියා. බලාපොරොත්තු වෙනවා ඒ අපි ඉල්ලා සිටින පැහැදිලි වෙනස පක්ෂය තුළ ක්‍රියාත්මක වෙයි කියලා.
මේ අතර විශ්වාසභංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ අවසන් තීරණය ද අද දිනයේ ගැනීමට නියමිතව තිබෙනවා.
එම සාකච්ඡාව පස්වරු 04.00 ට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

No comments