Breaking News

ජනපති අගමැති ඉවත් නොකළ හේතුව තමාරා කියයි..


රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිවරයා සිරිසේන ජනාධිපතිවරයාට නියෝග කර තිබුණු බවත්, එම නියෝග පිළිගැනීමට තරම් පාලකයන් පසුබැස තිබුණු බවද එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුලනායගම් මහත්මිය එළිය සංවිධානය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ(13) පැවසුවාය.
එසේම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා යුව රජෙකු සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදෙන බවද ඇය මෙහිදි පැවැසුවාය.
ඇමෙරිකාව විසින් ලෝකය පුරා සිදුකරමින් යන රටවල් දෙකඩ කිරීමේ වැඩපිළිවෙළ ලංකාව තුළ දියත් කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරයා ගන්නා උත්සාහයට යහපාලන ආණ්ඩුවේ නායකයන් හසුවී තිබෙන බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

No comments