Breaking News

වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් තහනම ඉවත් කරන ලෙසට ජනපතිගෙන් නියෝග!

වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් සමාජ ජාලයට පනවා තිබූ තහනම ඉවත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ කොමිෂන් සභාවට නියෝග කර තිබෙන බව වාර්තාවනවා.
වෛරී ප්‍රකාශන ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන බවට ෆේස්බුක් නිළධාරීන් හා රජය අතර ඇතිවූ එකඟතාවට පසු මෙම තීරණයට එළඹ ඇති බව වාර්තාවනවා.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මීට පෙර පවසා තිබුණේය
පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර ගිය ඇතැම් ප්‍රකාශ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පොළඹවන සුලු බව කියා සිටි ආණ්ඩුව වහා ක්‍රියාත්මක වෙමින් එම සමාජ මාධ්‍ය ජාල මෙන්ම වයිබර් හා වට්ස්ඇප් වැනි ක්ෂණික පණිවිඩ සේවා අවහිර කිරීමට පියවර ගත්තේය.
Image result for sirisena laughing

No comments