Breaking News

මෛත්‍රී රනිල්ගේ බලතල කපා හරී......


අගමැති රනිල් වික්‍ර‍මසිංහ යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (26) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තිරණය කර ඇත.
කැබිනට් මණ්ඩලයේ බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයා ගෙන ඇති මෙම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබද තීන්දු තීරණ ගැනිමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පැවරේ.
ආර්ථික කළමණාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීරණ ක්‍රියාත්මක කිරීමට යාම නිසා රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් දේශිය කර්මාන්ත නැංවීමට ආර්ථික කළමණාකරණ කමිටුව දුන් සහය ඉතා අල්ප බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී සදහන් කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට රටේ ජාතික ආර්ථිකයට බලපාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ජාතික ආර්ථික සභාවට පවරන බව ද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වු මෙම ආර්ථික කළමණාකරණ කමිටුවට අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත් රත්වත්ත, ආර්. පාස්කරලිංගම්, මුදල් අමාත්‍යංශ ලේකම් ආර්. එස්. එම්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක ඇරමතිවරුන් වන ආචාර සරත් අමුණුගම, මලික් සමරවික්‍ර‍ම ඇතුළත් වුහ. 

No comments