Breaking News

ෆේස්බුක් නීතිය තද වෙයි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදු කෙරෙන අකටයුතුකම් වළක්වාලිමට ඉදිරියේදී නීතිය විධිමත්ව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා. 
අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ද එවැනි නීති දක්වා ඇතැයි ජනාධිපති ලේකම්වරයා පැවසුවා.

මේ අතර දින කිහිපයක් පැවැති ෆේස්බුක් අවහිරය ඊයේ (15) පස්වරුවේ ඉවත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසමට ලබා දුන් උපදෙස් අනුවයි. 

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆෙස්බුක් නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී එළඹි තීරණ හා එකඟතා පිළිබඳ විමසා බලා ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී තිබුණා.
  
වර්ගවාදී, ආගම්වාදී වෛරී ප්‍රකාශ පැතිර යාම නියාමනය කිරිමට ක්‍රමවේද හා ආයතනික ව්‍යුහයන් ස්ථාපිත කිරීම සඳහා ෆෙස්බුක් නිලධාරීන් එකග වී තිබෙනවා. එහිදී රජය, අපරාධ පරීක්ෂ ආයතන හෝ සිවිල් වැසියන් කරනු ලබන කරුණු දැක්වීම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවයි ෆේස්බුක් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. 

No comments