සාමාන්‍ය පෙළ ප්‍රථමයන් හයදෙනෙක්.... | Reporter සාමාන්‍ය පෙළ ප්‍රථමයන් හයදෙනෙක්.... - Reporter

Hot News

සාමාන්‍ය පෙළ ප්‍රථමයන් හයදෙනෙක්....


2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව සිසු සිසුවියන් 06 දෙනෙකු ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.
මෙවර ප්‍රථම ස්ථාන 05ක් බාලිකා විද්‍යාල වලින් වාර්තාවීම ද විශේෂත්වයක්.මෙවර දෙවන ස්ථාන 09ක් හිමිකර ගැනීමට සිසු සිසුවියන් සමත් වී ඇති අතර කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර, මාතර සහ නුගේගොඩ යන ප්‍රදේශවලන පාසල් වලින්එම ජයග්‍රහණය වාර්තා වනවා.
ඒ අනුව විභාග ප්‍රතිඵල www.donets.lk වෙබ් අඩවියට නිවැරදි විභාග අංකයම ඇතුලත් කර ලබාගත හැකියි.
 කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන 29 වනදා පෙරවරු 10න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් අදාළ
පාසල්වල විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.අනෙක් සියලු‍ පාසල් වෙත ප්‍රතිඵල ලේඛන අද දින තැපැල් කිරීමටයි  සැලසුම් කර ඇත්තේ.සියලුම‍ පෞද්ගලික අයදුම්කරුවන් වෙත ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784208 / 0112 784537 / 0113 188350 / 0113 140314 යන අංක වලට හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකියි.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ අසු අට දහස් පන්සිය හැත්තෑ  තුන් දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා.

No comments