බැංකු සේවිකාව ප්‍රාණ ඇපයට ගෙන කිරිබත්ගොඩ වූ යුද්ධය | Reporter බැංකු සේවිකාව ප්‍රාණ ඇපයට ගෙන කිරිබත්ගොඩ වූ යුද්ධය - Reporter

Hot News

බැංකු සේවිකාව ප්‍රාණ ඇපයට ගෙන කිරිබත්ගොඩ වූ යුද්ධය

feature-top
කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (20 දා) මහ දවල් කඩාවැදුණු සන්නද්ධ කොල්ලකරුවකු බැංකු සේවිකාවක ප්‍රාණ ඇපයට ගෙන එහි තිබූ රුපියල් දසලක්‌ෂයකට ආසන්න මුදල් කොල්ලකාගෙන දෙනෝදහක්‌ බලා සිටියදීම පලාගොස්‌ ඇත.

බැංකු ගනුදෙනුකරුවකු ලෙස මොහු බැංකුවට ඇතුළු වී ඇත්තේ ඊයේ දහවල් 1.35 ට පමණය. ඒ වන විට බැංකුවේ ගනුදෙනුකරුවන් විශාල පිරිසක්‌ සිට ඇති අතර කොල්ලකරු බැංකු සේවිකාවකගේ ගෙලට පිහියක්‌ තබා මරණ තර්ජන කර ඇය ප්‍රාණ ඇපයට ගෙන තිබේ. 

පසුව මොහු බැංකු සේවකයන් බිය ගන්වා මුදල් අයකැමි සතුව තිබූ රුපියල් දසලක්‌ෂයකට ආසන්න මුදලක්‌ කොල්ලකා ඇත.

සිද්ධිය වන අවස්‌ථාවේ බැංකු ආරක්‌ෂක නිලධාරීන් සහ බැංකු නිලධාරීන් හය දෙනකු එහි සිට ඇතත් කොල්ලකරු මෙල්ල කිරීමට කිසිවකු ඉදිරිපත් වී නැත. මුදල් පැහැරගත් කොල්ලකරු යතුරුපැදියක නැගී පලාගොස්‌ ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. 

බැංකුවේ සවිකර ඇති සීසීටීවී කැමරා ඔස්‌සේ කොල්ලකරු හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

කිරිබත්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි..

No comments