Breaking News

මෙරට විභාග නිසි පරිදි පවත්වන්නට හමුදාවේ තාක්ෂණික දැනුම....


විභාග වංචා වැළැක්වීම සඳහා ඉදිරියේදී හමුදා සහාය ලබාදෙන බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා. යුද හමුදා සංඥා බලකායේ තාක්ෂණික දැනුම ඒ සඳහා යොදාගන්නා බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

සයිබර් ප‍්‍රහාරයන්ට මුහුණදීම සඳහා ද යුද හමුදාවේ සංඥා බලකාය මේ වනවිට සූදානම් බවයි යුද හමුදාපතිවරයා මෙහිදී පැවසුවේ. මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වා සිටියා.

යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක මෙම අදහස් පළ කළේ යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සර උත්සවයට ඊයේ (28) සහභාගී වෙමින්.

No comments