වයඹ පොල් ඉඩම් කට්ටි කිරීම දිගටම..... | Reporter වයඹ පොල් ඉඩම් කට්ටි කිරීම දිගටම..... - Reporter

Hot News

වයඹ පොල් ඉඩම් කට්ටි කිරීම දිගටම.....



වයඹ පළාතේ අක්කර 10ට වැඩි බිම් ප්‍රමාණයකින් යුත් පොල් ඉඩම් කැබලි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලද තහනම් නියෝගය නොතකා, සූක්ෂ්ම ලෙස එබඳු ඉඩම් කට්ටි කෙරෙමින් පවතින බව අනාවරණය වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය කරන ලද්දේ 2018 මාර්තු 07 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. එහෙත් එම නියෝගය ලබාදුන් දිනට, එනම් මාර්තු මස 07 වනදාට ප්‍රථම දින යොදා ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට පොල් ඉඩම් කැබලි කරමින් පවතින බවත්, මේ සඳහා වයඹ පළාත් සභාවේ සහයෝගය ලැබෙන බවත් වැඩි දුරටත් හෙළි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසුවේ සරුසාර පොල් ඉඩම් කැබලි කිරීම මේ වන විට බරපතළ ගැටලුවක් වී ඇති බවයි. පොල් මිල ඉහළ යෑමට මෙය හේතු වී ඇති බවත්, ඊට පළාත් දේශපාලනඥයන් සහයෝගය දක්වන බවත් පැවසූ නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ජනාධිපතිවරයා පැනවූ නියෝගය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

No comments