Breaking News

දිවි ඇතිතෙක් මමයි ජනපති....


චීනයේ ජාතික ව්‍යවස්ථාදායකයේ සහ එරට ප්‍රධාන දේශපාලන උපදේශක ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම් අද ආරම්භ වී තිබෙනවා.චීනයේ ජාතික ව්‍යවස්ථාදායකයේ සහ එරට ප්‍රධාන දේශපාලන උපදේශක ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම් අද ආරම්භ වී තිබෙනවා.
එහිදි එරට දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වසරේදී චීන පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වනවා.එහිදි චීන ජනාධිපතිවරයාගේ වාර දෙකක ධුර කාලය ඉවත් කිරීමට නියමිතයි.
ඒ අනුව එරට ජනාධිපතිවරයෙකුට කැමති කාලසීමාවක් සිය ධුරයේ රැඳීසිටීමට හැකි වනු ඇති.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ජීවිත් කාලය පුරා ජනපති ධුරයේ රැඳී සිටීමට චීන ජනපති  තීරණය ශ්‍රේෂ්ඨ බවයි.
එවැනිම තීරණයක් ගැනීමට තමාද  අපේක්ෂා කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසන්නේ.

No comments