කොළඹ - නිට්ටඹුව බස් වැඩවර්ජනයක්.... | Reporter කොළඹ - නිට්ටඹුව බස් වැඩවර්ජනයක්.... - Reporter

Hot News

කොළඹ - නිට්ටඹුව බස් වැඩවර්ජනයක්....


කොළඹ - නිට්ටඹුව පෞද්ගලික බස් රථ රියදුරන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

යක්කල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු විසින් බස් රථ රියදුරෙකුට පහරදිමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති  ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

පහරකෑමෙන් තුවාල ලැබූ රියදුරා මේ වන විට රෝහල් ගත කර ඇති බව සඳහන්ය.

පහරදීමට සම්බන්ධ නිලධාරියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා තුරු වර්ජනය අඛන්ඩව සිදු කරන බව ගැමුණු විජේරත්න මහතා පැවසීය. 

No comments