Breaking News

මහනුවර සිද්ධියට ඇල්ලු පොහොට්ටුවේ පොඩ්ඩා රිමාන්ඩ්

feature-top



මහනුවර ඉකුත්දා ඇති වූ නොසන්සුතාව සම්බන්ධයෙන් ඊයේ (28) රාත‍්‍රී අත්අඩංගුවට ගැණුනු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී කුමාර මොහොට්ටිගේ සමන්ත පෙරේරා හෙවත් අරලිය සමන්ත ලබන 02 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාවට තේරීපත් වූ අයෙක්.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔහු සමග අත්අඩංගුවට ගැණුනු තවත් අයෙකු ද තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එම තැනැත්තා ද ලබන 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

අදාළ නොසන්සුන්තාව සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෙසු සැකකරුවන් අට දෙනෙකු ද අද (29) තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඔවුන් සියලූදෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. මෙම සැකකරුවන් අතර අමිත් වීරසිංහ නමැති ප‍්‍රධාන සැකකරු සහ භික්ෂූන් වහන්සේ නමක් ද වනවා.

මේ අතර තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ අවට ප‍්‍රදේශයේ ආරක්ෂාව අද (29) දිනයේ ද දැඩි කර තිබූ බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. පොලිස් ජල ප‍්‍රහාරක රථ ද අවට ප‍්‍රදේශයේ ස්ථානගත කර තිබුණා. 

No comments