Breaking News

යාපනයේ ළමයෙක් පාසලේදී ජීවිතක්ෂයට පත්වෙයි

යාපනය,සුළිපුරම් අයික්කිය සංග සෛව විද්‍යාලය පාසල් දරුවෙකු 16 වැනිදා පාසල් භූමිය තුළ වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 09 ක් වු ප්‍රභාකරන් හරීකරන් නමැති දරුවෙකු එලෙස පාසල තුළ වැටී ඇති අතර, දරුවා වැටීමෙන් අනතුරුව යාපනය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් යාපනය රෝහල් මෘත ශරීරාගා‍රයේදී මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ දරුවාගේ අභ්‍යන්තර රුධිරවාහිනියක් පුපුරායෑමෙන් මරණය සිදුව ඇති බවයි.

අදාළ මරණය ස්භාවික හේතුවක් මත සිදුවු මරණයක් වන බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වි ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මළ සිරුර ඥාතීන් වෙත භාරදී ඇති අතර, මරණය හා පාසල් ක්‍රියාකාරකම් අතර සබඳතාවයක් නොමැති බව පොලිසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments