ලොව ප්‍රථම වරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්‌ හඳුන්වා දෙයි | Reporter ලොව ප්‍රථම වරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්‌ හඳුන්වා දෙයි - Reporter

Hot News

ලොව ප්‍රථම වරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්‌ හඳුන්වා දෙයි


පිරිමින් සඳහාවන උපත් පාලන පෙත්තක්‌ අමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් සොයාගෙන තිබේ.
මෙම උපත්පාලන පෙත්ත මගින් පිරිමින්ගේ ටෙස්‌ටොස්‌ටෙරෝන් හා අනෙකුත් හෝමෝන මට්‌ටම පහත හෙළීම සිදු කරයි.
මේ හෝමෝන මට්‌ටම පහත හෙළිම මගින් පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම අඩු වේ. එසේම මෙම උපත් පාලන පෙතිවල විශේෂත්වය එමගින් ඇති කරන අතුරු ආබාධ ඉතාම අවම මට්‌ටමක පැවතීමයි.
මෙතෙක්‌ කල් උපත් පාලන පෙති භාවිත කළේ කාන්තාවන් පමණක් වන අතර මෙම නව සොයා ගැනීම මගින් පිරිමින්ගේ ජීවන රටාවේ සුවිශේෂී වෙනස්‌කම් ඇතිවනු ඇතැයි පර්යේෂකයෝ පවසති.
ලොව පුරා ගැබ්ගැනීම්වලින් 40%ක්‌ම අනවශ්‍ය ගැබ් ගැනීම් බව වෛද්‍යවරු පවසති.

No comments