Breaking News

රටේ ජනතාවට ෆේස්බුක් අවහිර කර තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් පිටු අප්ඩේට් කරන අපේ රටේ දේශපාලනඥයෝ

මහනුවර ඇතිවූ සිද්ධියෙන් පසුව රජය විසින් ලාංකික ජනතාවට ප්‍රසිද්ධ සමාජජාලවලට පිවිසීම සීමා කරමින් තහනමක් පැනවූ අතර මේ වන විටත් එය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු ප්‍රධාන පෙලේ සමාජ මාධ්‍ය රැසකට මේ තුළින් පිවිසීම සීමාකරනු ලැබුවා.

මෙම අවහිර කිරීම තුලින් මේ වනවිට බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්ව ඇති අතර මේ නිසාවෙන් බොහෝ දෙනෙකු VPN භාවිතා කරමින් සමාජජාලවලට පිවිසීමට කටයුතු කරනු ලැබුවා. රජය විසින් සමාජජාල අවහිර කිරීම සිදුකරනු ලැබුවේ සියලුම ලාංකික ජනතාව ඉලක්ක කරගනිමින් වූවත් රජයේ වගකිවයුතු මැති ඇමතිවරුන් ඇතුළු ජනාධිපති හා අගමැතිවරයාද ඔවුන්ගේ ෆේස්බුක් පිටු යාවත්කාලීන කිරීම තවමත් සිදුකරමින් පැවතීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කර සිටියා.
රජය විසින් එලෙස තහනමක් පනවන්නේ කිසිවෙකුට සමාජජාල වෙත පිවිසීමට නොහැකි වන අයුරින් වූවත් වගකිවයුතු මැති ඇමතිවරු විවිධ පොස්ට් හා ඡායාරූප ඔවුන්ගේ ගිණුම්වලට එකතු කරමින් මෙලෙස කටයුතු කරන්නේ රජය පැනවූ නීතිය හෑල්ලුවට ලක්කරමින්ද යනවග කාටත් නැගෙන ප්‍රශ්නයක්.
පහතින් දැක්වෙන්නේ ෆේස්බුක් තහනම් කළ පසු රජයේ මැතිඇමතිවරු ඔවුන්ගේ ෆේස්බුක් පිටු යාවත්කාලීන කර තිබූ ආකාරයයි.....

No comments