Breaking News

නුවර සිදුවීම් ෆේස්බුක් එක නිසාම නොවූ බව ශිරාල් කියයි


නුවර දිගන, කටුගස්තොට ඇති වූ සිදුවීම් සම්පූර්ණයෙන්ම ෆේස්බුක් එක නිසා සිදුවූ සිදුවීම් ලෙස පිළිනොගන්නා බව ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (14) දෙරණ නාලිකාවේ පැවැති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක් වෙමිනි.
සමාජ විද්‍යාත්මකවත් ස්ථර ගණනාවක් එයට ඇතැයිද, යුද්ධය අවසන්වීම නිසා සිංහලයාට හතුරෙකු නැතිවූ බවත්, එනිසා අලුත් සතුරෙකු හැදූ බවත්, ඊට උඩින් සිංහල හා මුස්ලිම් වෙළෙන්ඳන් අතර වෙළෙඳ යුද්ධයක් ඇති බවත්, ඔවුන් මෙයට පණ පෙවූ බවටත් ඔහු චෝදනා කර සිටියේය.
සමාජ භාවයන් නිසා එකිනෙකා අතර ඇති තරගය, ඊර්ශ්‍යාව හා දේශපාලනය යන කාරණාවන්ද මේ අතර ඇතැයි ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසීය.
සමස්ථය ඇතුළේ සමාජ ජාල ජාතිවාදය පතුරවන මූල උපායන් පමණක් වූ බවද ඔහු සඳහන් කළේය.
සමාජ ජාලා වැසීම නිසා ප්‍රශ්නය අවසන් නොවූ බවත්, එන මාසෙත් කොහෙන්හරි මතුවෙන්න පුළුවන් යැයි ඔහු කියා සිටියේය.
ගිංතොටදී හා අම්පාරෙදි මතුවූ ආකාරය සියල්ලන් දුටු බවත් ඔහු සඳහන් කළේය.
මේ සඳහා මූලයන් සොයා විසඳුම් නොදුනහොත් නිසකයෙන්ම තව මාස කිහිපයකින් යළි මතුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
ඒ නිසා දිගන ප්‍රශ්නය ඇතිවූයේ ෆේස්බුක් එකෙන් බවට කීමට අපි මෝඩ නැතැයිද ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු මෙසේද පැවසීය.
“අපි කවුරුවත් මේ කැලෑවේ ඉන්න වැද්දො නෙවෙයි..අපි සියලුදෙනාම සමාජ මාධ්‍යතුළ සැරි සරණ ඒවායේ වටිනාකම දන්න අය"
පුද්ගල අපහාසය..
මෙහිදී ලක්තිලක මහතා වැඩි වශයෙන් පුද්ගල අපහාසය සම්බන්ධයෙන්ද කරුණු ගෙනහැර දක්වන ලදී.
මිලියන 6 X රැපියල් 40  ෆේස්බුක් කොම්පැණිය හම්බ කරනවා..
ලංකාවේ මිලියන 6ක ප්‍රමාණයක් ෆේස්බුක් ග්‍රාහකයින් සිටින බවත්, ඔවුන්ගෙන් වසරකට එක් ග්‍රාහකයකුගෙන් රුපියල් 40 බැගින් ෆේස්බුක් කොම්පැණිය හම්බකරණ බවත් ඔහු කියා සිටයේය.
එය පළවැනි ස්ථරයේ ආදායම පමණක් බවත් ඔහු සඳහන් කළේය.
වගවීමට කොටු කරගන්න හදන්නේ…
අවහිරතා ඉවත් කිරීමට වෙලාව ගණිමින් සිටින්නේ, ෆේස්බුක් කොම්පැණිය වගවීමකට කොටු කර ගැනීමට බවද ශිරාල් මහතා පැවසීය.
කොහොමද කොටු කරන්නේ..
ලංකාවේ ෆෙස්බුක් සවර් එකක් ආරම්භ කර කිහිපදෙනෙකු එහි සේවයට ගැනීමත්, ද්විපාර්ශවික ක්‍රමයක් ඔස්සේ මෙවැනි ගැටුම් විසඳීමට සැලැසුම්ක් සෑදීමෙන් එය සිදුකරන බවද ඔහු සඳහන් කළේය.


(under the courtesy of srilankamirror.lk news web)

No comments