Breaking News

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහය නැහැ...


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධ වීමට අපහසු බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය  මෙය බව ප්‍රකාශ කළේය.
මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා කියා සිටියේ විශ්වාසභංගයට අත්සන් තබා ඇති ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර, අප්‍රේල් පළමු වනදා සිට 6 වනදා දක්වා කාලය තුළ රජයේ සියලුම මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කිරිමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

No comments