Breaking News

අම්පාර හොද්දේ 'රතු ගුළිය' රස පරීක්ෂකට

අම්පාර නගරයේ හෝටලයක මස් හොද්දට වඳපෙති යොදා තිබුණු බවට ඇතිවූ ආරවුලක් සමග ඇතිවුණු කලහකාරී තත්ත්වයට සැකකරන පුද්ගලයන් පස්දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ගනිමින් සිටින බව අම්පාර මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ලසන්ත දඩල්ලගේ මහතා පැවැසීය.


මස් හොද්දේ තිබුණු වඳ පෙති යැයි සැකකෙරෙන  රතු වර්ණ සහිත ගුලියක් මේ වන විට රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් එම වාර්තාව ලද සැනින් එහි අඩංගු වූයේ කුමක්දැයි කිව හැකි බවත් දඩල්ලගේ මහතා පැවැසීය.
සිද්ධියෙන් පසුව කිසිදු කලහකාරී සිද්ධියක් වාර්තා නොවුණු අතර අම්පාර නගරයේ මේ වන විට සාමාන්‍ය පරිදි ෙදෙනික කටයුතු සිදුවෙමින් පවතින බවක් දැකගත හැකිවිය. නගරයේ සියලු කඩසාප්පු පෙරේදා (28) දිනයේ විවෘත කර තිබුණු අතර මැදින් පුන් ‍පෝය දිනයේ වූ ඊයේ (01) දිනයේ කඩ සාප්පු වසා තිබෙනු දක්නට විය. ප්‍රහාරවලට ලක්වූ වෙළෙඳසල් වෙත විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණු අතර නගරයේ ජනතාව ගැවසෙන ස්ථානවලට ‍පොලිස් ආරක්ෂාව මෙන්ම යුද හමුදා ආරක්ෂාව යොදා තිබෙනු දක්නට විය.

සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් අම්පාර මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කිරීමට නියමිත විය.

සමන් මාණික්ක ආරච්චි - අම්පාර

No comments