Breaking News

මල්වත්ත පාරේ පදික වෙළඳුන් ඉවත් කිරීමට ඉඩ දෙන්නේ නෑ......


පිටකොටුව මල්වත්ත මාර්ගයේ පදික වෙළඳුන් ඉවත් කිරීම සඳහා කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පදික වෙළඳුන්ගේ රැකවරණය වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි.

කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් ‍පිටකොටුව මල්වත්ත මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වෙළඳුන්ට ඉවත් වන ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඒ පිලිබඳව සොයාබැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

No comments