Breaking News

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බංගලාදේශය නෑවතත් නයි නැ‍ටුම් පෙන්වයි.අපේ කොල්ලොත් නටති..

ආසියානු කුසලාන හොකි තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පසුගිය දින පැවැත්වුනා. ශ්‍රී ලංකාවේ හොකි ක්‍රීඩාව එතරම් ජනප්‍රිය නොවන අතර ශ්‍රී ලංකාවේ හොකි ක්‍රීඩාවට සහ හොකි ක්‍රීඩකයන්ට පහසුකම් හා නිසි අනුග්‍රහයක්ද ලැබෙන්නෙ නැහැ. එම නිසා ශ්‍රී ලංකාවේ හොකි ක්‍රීඩාවට ජයග්‍රහන කරා යෑමට බාධාවන් බොහෝමය.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද මේ දිනවල පසුබෑමකට ලක්ව තිබෙන අතර , පසුගිය දින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර ඉන්පසුව එම ජය සැමරීමට බංග්ලාදේශ කණ්ඩායම "නයි නැටුම" ලෙසින් රසිකයන් හදුන්වන ක්‍රියාවක නිරතවූනා. එම රංගන ක්‍රිකට් රසිකයන්  අතර මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයේම ආන්දෝලනයට තුඩු දුන්නා.
ආසියානු කුසලාන හොකි තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවැත්වුනේ මෙවැනි පසුබිමකයි. බංග්ලාදේශය ආසියාවේ හොදම හොකි කණ්ඩායමක් වන අතර 2017 වසරේ අගෝස්තු මාසයේ පැවති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ බංග්ලාදේශය ජය ගෙන තිබුනේ ගෝල 9-0ක් ලෙස.
කෙසේ වෙතත් මෙවර දැඩි කැපවීමකින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හොකි කණ්ඩායම, බංග්ලාදේශ හොකි කණ්ඩායමට ප්‍රබල තරගයක් ලබා දීමට සමත් වුනා. එහිදි ප්‍රබල කණ්ඩායම් රැසක් පරදා තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම , අතිශය උණුසුම් තරගයකට පසුව ගෝල 2-3ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුනා.
මෙහිදි නව පනක් ලැබු ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හොකි කණ්ඩායමේ ක්‍රීඩකයන් තරගයේ පළමු ගෝලය රැස් කළ අතර , ඉන්පසුව ශ්‍රී ලංකා හොකි ක්‍රීඩකයන් සුප්‍රසිද්ධ "නයි නැටුම" රංගනය ඉදිරිපත් කිරීමද විශේෂයි. 
එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,

No comments