මැස්සො මදුරුවො වගේ හාවො මරන රට මෙන්න | Reporter මැස්සො මදුරුවො වගේ හාවො මරන රට මෙන්න - Reporter

Hot News

මැස්සො මදුරුවො වගේ හාවො මරන රට මෙන්න



සාමාන්‍යෙන් අපේ රටේ වසංගතයක් විදියට සතෙක් ඉන්නව නම් ඒ මදුරුවා විතරයි. සමහර ප්‍රදේශ වල රිලව් හා මොනරු වඩියෙන් හිටියත් වසංගත තත්වයක් නම් නෑ. අපි බොහොම ආදරේ කරන, ආස කරන සතෙක් නිසා නවසීලන්තයට නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි, හාවා.

නවසීලන්තයේ මේ වෙනකොට හාවුන් මිලියන 6කට වඩා ජීවත් වෙනවා. 1830 දී තමයි මුලින්ම නවසීලන්තයට හාවුන් හඳුන්ව දුන්නෙ. ඒත් ක්‍රම ක්‍රමයෙන් දැන් නම් ඒක වසංගතයක් දක්වා පැතිරිලා. නවසීලන්තය කියන්නෙ නැවුම් එළ කිරි වලට ප්‍රසිද්ධම රටක්. පශු සම්පත් එහෙ ප්‍රදානම ආදායම් මාර්ගයක්. හාවුන් වඩිපුර ව්‍යාප්ත වෙලා තෘණ භූමි ආක්‍රමණය කිරීම නිසාත් ඒවායෙ ගුල් හෑරීම නිසාත් එරට කිරි කර්මාන්තයට මේ ප්‍රශ්නය විශාල ලෙස බලපානවා. මේ නිසා එරට ආර්ථිකයට සිදුවන පාඩුව නවසීලන්ත ඩොලර් මිලියන 50 කට වඩා වැඩියි කියල එරට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරල තියෙනවා. මේ ගැන අවධානය යොමු කරපු රජය මුල් කාලයේදී නම් වෙඩි තබා මරා දාන්න, වස ශරීර ගත කරන්න, විශ දුම් මුදා හරින්න වගේ ක්‍රම වලින් හාවුන් මර්ධනය කරන්න නීති ගෙන එනු ලැබුවා. එහෙත් ඒවා එතරම් සාර්ථක උනේ නැහැ. 1997 දි මුල් වරට ඔවුන් හාවුන් මර්ධනය කිරීම සඳහා Rabbit Hemorrhagic Disease Virus (RHDV) නම් වෛරසයක් මුදා හැරියා. එහෙත් අවුරුදු 20කට පසුව හාවුන් මෙම වෛරසය සඳහා අනුවර්තනය වීමක් දැන් දක්නට ලබෙනවා. මේ නිසා එම වෛරසය වැඩි දියුණු කරමින් RHDV1-K5 ලෙස යලිත් මුදා හරින්නට එරට රජය මේ වන විට පියවර අරගෙන. මේ වෛරසය ශරීර ගත වීමෙන් අනතුරුව හාවුන් දින දෙකක් තුළ මිය යන බව පැවසෙනවා. එසේම ඔවුන්ගේ බලාපොරොත්තුව හාවුන් ගහනය 40% කින් අවම කර ගැනීමයි.

මේ අතර මෙයට ගොවීන්ගේ සහයෝගය උපරිමයෙන්ම ලැබෙන අතර මේ සඳහ විවිධ විවේචන ද එල්ල වෙමින් පවතිනවා. එක් සත්ව ගහනයක් පමණක් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ පැවැත්මට එරෙහි වීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකට පෙටා සංවිධානය නවසීලන්ත රජයට එරෙහිව නඩු මගට බසින්නත් කටයුතු කරනවා. කොහොම උනත් එරට ආර්ථිකයට සිදුවන බලපෑම නිසාත්, මෙය වසංගතයක් දක්වා වර්ධනය වීමත් නිසා මෙය හකි ඉක්මනින් පාලනය යුතු බවයි බොහෝ දෙනෙකුගේ අදහස.

Kasun Nadeera

No comments