ඇමෙරිකාවට යන්න ගිය මන්ත්‍රී නාමල් හරවා එවයි.... | Reporter ඇමෙරිකාවට යන්න ගිය මන්ත්‍රී නාමල් හරවා එවයි.... - Reporter

Hot News

ඇමෙරිකාවට යන්න ගිය මන්ත්‍රී නාමල් හරවා එවයි....


රුසියාවේ සිට අමෙරිකාව වෙතට ගමන් කිරීමට සූදානම්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට ඒ සඳහා අවස්ථාව හිමිව නොමැති බවට වාර්තා වනවා.
රුසියානු ජනාධිපතිවරණයට ස්වාධීන නිරීක්‍ෂකයෙක් ලෙස එක්වීමෙන් අනතුරුවයි නාමල් රාජපක්‍ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට සූදානම්ව ඇත්තේ.
කෙසේ වෙතත්, අමෙරිකානු නිලධාරීන්ගේ දැනුම්දීම මත ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් නාමල් රාජපක්‍ෂ මහතා මොස්කව් සිට හුස්ටන් බලා යන ගුවන් යානය සඳහා එක් කරගෙන නැහැ.
මේ සඳහා හේතුව කුමක් දැයි තමන් නොදන්නා අතර, තම නම ඊට  ප්‍රශ්නයක් විය නොහැකි බවයි ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් ආරම්භ කිරීමට සූදානම්වීම ඊට හේතු විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

No comments