Breaking News

ගම්පහදී ජපාන සංස්කෘතික උත්සවයක්..!



ගම්පහ ෂින්ජු ජපන් භාෂා අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජපාන සංස්කෘතිකාංග විදහා දැක්වෙන උත්සවයක් එළඹෙන 20 වනදා ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලය අසල  "නිවහන" ශාලාවේදී පැවැත්වේ. 

ජපන් කඩදාසි  නැවීමේ කළාව (ඔරිගාමි ), අක්ෂර ඇදීමේ කලාව (Shodou) සහ ජපාන සාම්ප්‍රදායික ඇදුම් ඇදීමේ කලාව (Yukata) යන වැදගත් අංශයන් පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අඩංගු විශේෂ දේශන කිහිපයක්ද මෙම වැඩසටහනට අන්තර්ගත වන අතර පාසල් වල ජපන් භාෂාව හදාරණ සිසුන්ට එය ඉතා වටිනා අවස්ථාවකි.

පහසු මිලට රසවිඳිය හැකි ජපාන ආහාර වර්ග රැසක් අඩංගු,  ඒ මොහොතේම ආහාර සකසන ජපන් අවන්හලක්ද එම ස්ථානයේ නිර්මාණය කෙරේ. 

ජපන් තේ කලාව සහ ජපන් මල් සැකසුම් පිළිබඳව  සැකසුනු විශේෂ වැඩසටහන්  මෙම සංස්කෘතික උත්සවයට අඩංගු වේ. 

ජපන් ජාතිකයින්, ජපන් භාෂා ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල සිසුන් සහභාගී වන මෙම වැඩසටහන ජපන් භාෂාව , සංස්කෘතිය හදාරණ සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට  නොමිලේ සහභාගී වියහැකි සුවිශේෂි වැඩසටහනකි. මෙම වැඩසටහන මාර්තු 20 වනදා උදෑසන 8.30 සිට සවස 5 දක්වා ගම්පහ යශෝධරා දේවී බාලිකා විද්‍යාලය අසල  "නිවහන" ශාලාවේදී පැවැත්වේ. 

No comments