Breaking News

සිංහරාජය අවට පාසල් සිසු සිසුවියන්ට සිංහරාජ රක්ෂිතයේ ගවේෂණ හා නායකත්ව පුහුණු කඳවුරක්

සිංහරාජය ශ්‍රී ලංකාවේ නිරිත දිග පහතරට තෙත් කලාපයේ පිහිටි නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වේහෙක්ටයාර 11187 පමණ වපසරියකින් යුත් මෙම සුවිශේෂි රක්ෂිතයේ වටිනාකම නිසාම ලෝක උරුම වනාන්තරයක් ලෙසද  සිංහරාජය නම් කොට ඇත. අද වන විට සිංහරාජය ඇතුළු ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට විශාල වශයෙන් මනාව ක්‍රියාකාරකම් නිසා තර්ජන එල්ල වෙමින් පවතීමේ නිසා මෙම සංවේදී පරිසර පද්ධති පද්ධති රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවී ඇත.මෙම පරිසර පද්ධති රැක ගැනීමේ කාර්ය සඳහා රජය ප්‍රධාන ලෙස මැදිහත් විය යුතු උවද රාජ්‍ය ආයතන වලට වඩා විවිධ පරිසර සංවිධාන හා ඒ හා සම්බන්ධවී කටයුතු කරන අනෙකුත්  ආයතන විශාල කැපවීමක් සිදුකරයි.
මෙම සංවිධාන අතරින් වැසි වනාත්තර සුරකින්නන්ගේ සංවිධානය ලෝක උරුම සිංහරාජ වනාන්තරය සහ ඒ අවට පවත්නා වනාන්තර පද්ධති රැක ගැනීමට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට හා ඒ පිළිබඳව උනන්දුව ඇති කරලීම අදිටන් කර ගනිමින්වනාන්තර පද්ධති වල ජෛව විවිධත්ව වැදගත්කමඑයට මුහුණ පා ඇති තර්ජන සහ එහි සංරක්ෂණය පිලිබඳව පාසැල් ළමුන් දැනුවත් කිරීම සඳහා තෙදින පරිසර ගවේශණ හා නායක්ව පුහුණු කඳවුරක් මාර්තු මස 2දින සිට 4දින දක්වා සිංහරාජ කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි.
මේ සඳහා සිංහරාජ රක්ෂිතය අවට ඇති පනාපොල විද්‍යාලයවැද්දාගල දකුණ විද්‍යාලය,රඹුක මහා විද්‍යාලයගාමිණී මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් හි සිසුන් 50ස්  දෙනෙකු හා 10දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයක් සහභාගී වියවැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය හා කලවාන ජාතික පාරිසරික පදනම සමඟින් සංවිධානය කල මෙම පුහුණු කඳවුරට  Persistent Systems Lanka (Pvt) Ltd. සමාගම මූල්‍ය අනුග්‍රහය දැක්වූ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කලවාන ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහයෝගය මෙම කඳවුර සංවිධානය කිරීම සඳහා ලැබුණී.
මෙම වැඩසටහන තුල වනජීවී සංරක්ෂණ නිලධාරී තරංග ධම්මික මහතාගේ මග පෙන්වීමෙන්   සිංහරාජ රක්ෂිතය තුල ගවේෂණ වැඩ සටහනක් පැවැත් වු අතර එහිදීවනාන්තරයක් තුල ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාවක යෙදෙන අන්දම, වන සතුන් සහ ශාක පිළිබඳ විස්තර සටහන් කරගන්නා අකාරය සිසුන්ට පැහැදිලි  කරන ලද අතරසිංහරාජයේ හමුවන වනජීවීන් පිළිබඳවද සිසුන් දැනුවත් කරන ලදිගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සුපුන් දේශප්‍රේම මහතා විසින් මත්ස්‍යයින් හා ජලජ ජීවීන් හඳුනාගැනීම පිලිබඳවත්ශ්‍රී ලංකාවට ආවේණික හා ආක්‍රමණික මත්ස්‍යයින් පිලිබඳව හා මත්ස්‍ය සංරක්ෂණයේ වැදගත්කම පිලිබඳවත් සහභාගි වූ පිරිස දැනුවත් කරන ලදි. 
 සිංහරාජය තුල පක්ෂි අධ්‍යන චාරිකාවක් මෙහෙයවූ රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා විසින් ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් පිළිබඳව දේශනයක් සිදු කල අතර සිංහරාජ රක්ෂිතය අවට සහ ශ්‍රී ලංකාව තුළ සිදුවන්නා වූ ජෛව මංකොල්ලය පිළිබඳව සහභාගිවූවන් දැනුවත් කර මෙම ජෛවය මංකොල්ලය සඳහා මංකොල්ලකරුවන් පාසල් සිසුන් වංචනික යොදා ගන්නා ආකාරය සහ එවැනි දේ වලින් පාසල් සිසුන් වැලකිය හැකි ආකාරය හා ඒ පිළබඳව වගකිව යුතු නිලධාරීන් දැනුවත් කර මෙරට ජෛව සම්පත රැක ගැනීමට පාසල් සිසුන්ට දායක විය හැකි ආකාරය පිළිබඳවද දැනුවත් කරන ලදි.
මෙම පුහුණු කඳවුර සාර්ථකව අවසන් කල සිසුන් සඳහා  සහතික පත් ප්‍රධානෝත්සවය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරී පිරිසක් සහභාගී වූ අතර උත්සව සභාව ඇමතූ කලවාන ප්‍රාදේශීය ලේකම් ජී.ඩී.එල්උදයකුමාරි මහත්මිය  කියා සිටියේ පරිසර සංරක්ෂණය සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මෙලෙස වැඩසටහන් සංවිධානය කිරීම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් තමා අගය කරන බවත්  පසුගිය සමය තුළ සිංහරාජ වනාන්තරය අවට බෑවුම් ප්‍රදේශ තුල නායයෑම් ඇතුළු විපත් සඳහා වනාන්තර එලි පෙහෙලි කිරීමපස් කැපීමවැලි ගොඩදැමීම ආදී ක්‍රියා වල විශාල බලපෑමක් එල්ල වූ බවත් එම සංවේදී ප්‍රදේශ ආරක්ෂා කල යුතු බවත්යමෙම පුහුණු කඳවුර සඳහා පාසල් සිසුන් යොදා ගැනීම කාලෝචිත බවත් මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් දියත් කිරීමෙන් පරිසර සංරක්ෂණය උදෙසා දැනුම මෙන්ම ආකල්පමය වෙනසක් සිදුකල හැකි බව  කලවාන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එස්කොස්වත්ත මහතා සභාව අමතමින්  පවසා සිටි අතර වැසි වනාන්තර සුරකින්නන් ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා විසින් ඉදිරියේදී මෙවැනි පුහුණු කඳවුරු සඳහා සහභාගි වීමේ අවස්ථාව සිංහරාජය වටා පිහිටි සියලු පාසැල් වල සිසු සිසුවියන් වෙත ලබා දීමට සූදානම් බවත් පවසා සිටියේය. 
සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය ඇතුළුව ශ්‍රී ලංකාවේ සියළුම වනාන්තර හා ජල මූලාශ්‍ර සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින විනාශ වී යමින් පවතින අතර වසරක් පාසා ඇතිවන දරුණු නි‍යංගංවතුර හා නාය‍යෑම් ස්වභාවික විපත් වලට ඒවා මග පාදයිමේවා සොබා දහමේ අකාරුණික කම නිසා  නොව මිනිසා විසින්ම ඇති කරගන්නා කරගන්නා ලද උවදුරු බව පැහැදිලි කරුණකිනොදැනුවත්කම හා තාවකාලික වාසි තකා සිදුකරන මෙවන් විනාශකාරී ක්‍රියා දිගින් දිගටම සිදුවීම වැලැක්වීමට පරිසරය පිලිබඳව දරුවන්ට ඉගැන්වීමත්ජල පෝෂක වනාන්තර හා ජල මූලාශ්‍ර රැක ගැනීමට මතු පරම්පරාව යොමු කිරීමත් අප සියලු දෙනාගේ යුතුකමය.

No comments