Breaking News

ආදරය ප්‍රතික්ෂේප කළ නිසා තරුණියකගෙන් තරුණයෙකුට ඇසිඩ් ප්‍රහාරයක්


තම ආදරය ප්‍රතික්ෂේප කළ තරුණයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ තරුණියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ බංගලාදේශයේ ඩකා ප්‍රදේශයේ මහමුදුල් නමැති 17 හැවිරිදි තරුණයෙකුට ය.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති තරුණියගේ වයස අවුරුදු 16කි. මාස කිහිපයක් තිස්සේ එම තරුණිය මහමුදුල් පසුපස පැමිණ ඔහුගේ ආදරය බලාපොරොත්තුවෙන් විවිධ ඉල්ලීම් සිදුකර ඇති බව මේ වනවිට අනාවරණ වී ඇත.
කෙසේ වෙතත් තමන් එම තරුණියට අකමැති බව සෑම විටකම තමන් පැවැසූ බව තරුණයා පවසයි.
පසුගිය දිනක තරුණයා සිය මිතුරන් කිහිප දෙනෙකු සමග කතා කරමින් සිය නිවසට යමින් සිටිය දී අදාළ තරුණිය විසින් මෙලෙස ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරු ව එම තරුණයා කඩිනමින් රෝහල් ගතකළ ද ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ මුහුණ ඒ වනවිටත් බරපතළ ලෙස පිලිස්සී ගොස් තිබේ.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව සිද්ධිය වූ දිනට පසුදින අදාළ තරුණයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන තරුණිය සහ ඇයගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

No comments