Breaking News

යම් කෙනෙකුට හානි වන ආකාරයේ යමක් ෆේස්බුක්හි පළවී ඇත්නම් කළ යතු දේ මෙන්න

දින කිහිපයක් අවහිර කර තිබූ ඉකුත් දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය දැන් නැවත සක්‍රීය වී තිබෙනවා. කෙසේවෙතත් මෙවැනි සමාජ වෙබ් අඩවියක් භාවිත කිරීමේදී ඕනෑම අයෙකු වඩා කල්පනාකාරී වියයුතු බවයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

සාමාජිකයන්ගේ  ආරක්ෂාව සහ සමාජ යහපැවැත්ම වෙනුවෙන් ඕනෑම සමාජ වෙබ් අඩවියක විවිධ පහසුකම් සපයා තිබෙනවා. පෞද්ගලිකව තමන්ට හෝ සමාජයට අහිතකර ලෙස බලපාන ප්‍රකාශන ඉවත් කර ගැනීම සඳහා ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ ද එවැනි පහසුකම් ඇතුළත්.

ඒ පිළිබඳ දැනුවත්ව සිටිමෙන් සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අහිතකර ක්‍රියාකාරකම් අවම කිරීමට හැකියාව ලැබෙනවා. එහෙත්, ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට තවමත් ප්‍රමාණවත් අවබෝධයක්  නොමැති බවයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියා සිටියේ.

ඒ අනුව පෞද්ගලිකව තමන්ට හෝ සමාජයට අහිතකර ලෙස බලපාන ප්‍රකාශන ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පළවුවහොත් ඒවා ඉවත් කර ගැනීමට කළ හැකි දේ කුමක්දැයි පිළිතුරු ලබා දුන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ තමන්ගේ හෝ තම හිතවතෙකුගේ මෙන්ම ඕනෑම පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පළවුවහොත් එය තවදුරටත් එහි තිබිය නොයුතු බව ඔබට සිතේ නම් ඒ පිළිබඳව එම අදාළ සමාජ ජාලා වෙබ් අඩවිය හරහා වාර්තා කිරිමෙන් එය ඉවත්කර ගැනීමේ හැකියාව පවතින බවයි.


ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පළවන කිසියම් අහිතකර බලපැමක් සහිත ප්‍රකාශනයක් පිළිබඳ වාර්තා කිරීමේදී ඊට නිවැරදි හේතු දැක්වීමක්ද කළ යුතු බව මෙහිදී ඔහු සිහිපත් කර සිටියා.

ඕනෑම සමාජ වෙබ් අඩවියක වාර්තා කිරීම සඳහා ඇති පටිපාටිය කලින් කලට යාවත්කාලීන කෙරෙනවා. ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ දැනට පවතින පටිපාටියට අනුව  කිසියම් පොස්ට් එකක ඉහළ දකුණු කෙළවරේ ඇති තිත් පෙළ මත ක්ලික්  කිරීමෙන් විවෘත වන රාමුවේ වාර්තා කිරීම සඳහා ප්‍රවේශයක් ඇතුළත්.



(under the courtesy of nethnews.lk news web)

No comments