Breaking News

හදිසි නීතිය තවත් දින කිහිපයක් පවතින ලකුණු....


මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් සමග පසුගිය 6 වැනිදා පස්වරුවේ පැනවූ හදිසි නීතිය මෙතෙක් ඉවත් කර නැහැ. ඒ සම්බන්ධයෙන් නිව්ස්24 රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසා සිටියා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දින හතක කාලයක් සඳහා පමණක් පැනවූ හදිසි නීතිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කරනු ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා විසින් යම් කිසි තීරණයක් ගනු ඇති බවයි.
හදිසි නීතිය යටතේ රට පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපේ රජයට නෑ. නමුත් පසුගියදා ඇති වූ ගැටලුකාරී වාතාවරණය සමනය කර ගැනීමට හදිසි නීතිය පැනවූවා. තවම ඒවායේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ආරක්ෂක අංශ කරන ඉල්ලීම අනුව සමහර විට තව දින කිහිපයක් හදිසි නීතිය ගෙන යන්න වෙයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සුදුසු තීරණයක් ගනියි. ජනාධිපති ලේකම් තමයි හදිසි නීතිය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන්නේ.
දින 7ක් සඳහා පමණක් හදිසි නීතිය පනවන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයෙන්ද දැක්වූයේ දින හතක කාලයක් සඳහා හදිසි නීතිය පනවන බවයි.

No comments