Breaking News

හදවත් සැත්කමට යමින් සිටි කත හා දියණියත් මග මගදී අවසන් ගමන් යයි.....


සැත්කමක් සදහා හදවත් රෝගීයෙතු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට යමින් සිටි පිරිසක් ගමන් කළ මෝටර් රථයක් ඊයේ අලුයම අහංගම හාතපැලෑනේ දී ට්‍රක් රථයක හැපීමෙන් මෝටර් රථයේ ගමන් කළ හදවත් සැත්කමට යමින් සිටි මව සහ ඇගේ  දියණිවය වන අගුණුකොළපෑලැස්ස රෝහලේ හෙදියක මිය ගිය බව අහංගම පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් තුවාල ලැබු හෙදියගේ සැමියා සහ ඔවුන්ගේ අවුරුදු දෙකහමාරක් වන දියණිය නරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අගුණකොළ පැලෑස්ස හැලේකඩ පදිංචිකරුවන් වු ඩබ්ලිව්.ඒ දයාවතී (60) සහ රසිකා පියදර්ශනි අබේසිරිවර්ධන (28) යන මව සහ දියණියයි. මිය ගොස් ඇති දයාවතීට හදවත් සැත්කමක් සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුඵ වීමට යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වි ඇත. අනතුර සිදු වන අවස්ථාවේදි මිය ගිය රසිකා නැමැත්තියගේ සැමිය මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කළ මුලික පරීක්ෂණ වලින් හෙළි වි ඇත. උදේ පහයි හතළිස් පහට පමණ මෙම අනතුර සිදු වු වහාම ප්‍රදේශ වාසින් එක්ව මෝටර් රථයේ සිටි මව සහ දුව සහ කුඩා දරුවා ප්‍රථමයෙන් රථයෙන් එළියට ගෙන කරා පිටිය රෝහල වෙත පිටත් කර යවා තිබේ. එහෙත් මෝටර් රථයේ හිර වි සිටි රියදුරා එළියට ගැනීමට ප්‍රදේශවාසීන්ට පැයක් පමණ වේලාවක් ගතව ඇත. මෝටර් රථය ට්‍රක් රථය ඇතුළට කඩා ගෙන ගොස් තිබු නිසා මෝටර් රථය එළියට ගැනිමට ප්‍රදේශ වාසීහු විශාල උත්සාහයක් දැරුහ. ඒ අසල සංචාරක හෝටල් වල නවා තැන් ගෙන සිටි විදේශිකයින් පවා රියදුරු බේරා ගැනීමට සහාය වුහ.
මිය ගිය අයගේ මරණ පරීක්ෂණ ඊයේ කරා පිටිය රෝහලේ දී පැවැත් වීමට නියමිතව තිබුණි.

No comments