Breaking News

සේවය ස්‌ථිර නොකළ නිසා සිත් තැවුලට පත් ස්‌වෙච්ඡා ගුරුවරියක් සියදිවි නසා ගනී

ස්‌වෙච්ඡා ගුරුවරියක ලෙස වසර 10කට වඩා වැඩි කාලයක්‌ සේවය කළ නමුත් ඇයගේ සේවය ස්‌ථිර නොකිරීම නිසා සිත්තැවුලට පත් මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ ගුරුවරියක ගෙළ වැළලාගෙන මියගොස්‌ තිබේ.

එසේ මියගොස්‌ ඇත්තේ මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ පදිංචිව සිටි එස්‌. තවරංජනී නමැති 36ය හැවිරිදි කාන්තාවකි.

මේ දිනවල උතුරේ පත්වීම් ස්‌ථිර කළ ස්‌වෙච්ඡා ගුරුවරුන්ගේ නාම ලේඛනයක්‌ පළාත් අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන් අතට පත් වී ඇති අතර එම නාම ලේඛනයේ මියගිය කාන්තාවගේ නම සඳහන් ව නොතිබීම සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස සිත් තැවුලට පත්ව සිටි බව ඇගේ ඥාතීන් හා යෙහෙළියන් පොලීසියට පවසා ඇත.

මියගිය කාන්තාව උතුරේ ස්‌වෙච්ඡා ගුරුවරුන්ගේ පත්වීම ස්‌ථිර කර ගැනීම සඳහා උද්ඝෝෂණ හා විරෝධතා රැසක්‌ දියත් කළ සාමාජිකාවක්‌ බව උතුරේ ස්‌වෙච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර මුලතිව් මාංචෝලෙයි රෝහලට රැගෙන ගොස්‌ ඇති අතර ඔඩ්ඩිසුඩාන් පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ සිදු කරයි.

No comments