Breaking News

ආයුර්වේද අල්ලස ගැන විමර්ශණයක්...

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මහරගම නාවින්න ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු ට අල්ලස් චෝදනා එල්ලවී තිබෙනවා.
ඒ රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගත් බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වන ලෙස  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාට දැනුම් දී තිබෙනවා.
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුලු‍වකට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි පැවසෙන්නේ.
නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව තුල දී එහි සහකාර නීති නිලධාරීවරයෙක් සහ සූත්‍ර කමිටුවේ සාමාජිකයෙකු අල්ලස් ලබාගැනීමේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් 14 දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව විමර්ශණයක් පවත්වා නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි  සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා ප්‍රකාශ කළේ.

No comments