Breaking News

වාහනය පැදවුයේ මගේ ඥාතියෙක් - කබීර් කට අරී....


තලවතුගොඩ දී රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ මාගේ ඥාතීයෙකු වන නමුත් ඔහු මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (18) සදහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
“තලවතුගොඩ දී පෙරේදා (17) දින බීඑම්ඩබ්ලිව් මෝටර් රථයක් සහ තවත් මෝටර් රථ දෙකක් අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවිවල පළවන වාර්ථා මාගේ අවධානයට ලක් කළෙමි. රිය අනතුරට භාජනය වූ එක් මොටර් රථයක් පදවා ඇත්තේ මාගේ ඥාතීයෙකු වන නමුත් ඔහු මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු නොවන බවත්, මාගේ දේශපාලන කටයුතුවලට කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු බවත් අවධාරනය කරමි.                                                         
තව දුරටත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් කරගෙන යනු ලබන අපක්ෂපාතී  පරීක්ෂණ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතකදී මාගේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට මැදිහත් වන බවද අවධාරනය කරනු කැමැත්තෙමි.“   

No comments