Breaking News

හොරු රකින පිරිස් රජය තුළත් විපක්‍ෂයෙත් සිටිනවා...


අධිකරණයේ අපක්ෂපාති බව පිළිබඳව ප්‍රශ්න නැගෙමින් පවතින බවත් රටක අධිකරණයක් ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“අපි අවධාරණය කරනවා. අධිකරණයක් ස්වාධීන වීමෙන් විතරක් පලක් නෑ. අධිකරණයක් අපක්ෂපාතී විය යුතුයි. අපි දකිනවා මේ රටේ සමහර පුද්ගලයින්ව අත්තඩංගුවට ගන්න දෙන්නේ නෑ. කුඩා අධිකරණයක අහන එක ඉහළ අධිකරණයකට ගිහිල්ලා ඒ අය අත්තඩංගුවට ගන්න එකෙන් වලක්වන විදිහ පේනවා. ඒ අය විශේෂ අය විදියට සලකන බවක් පේනවා. මේ නිසා අධිකරණයේ අපක්ෂපාතී බව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැන නැගිලා තියනවා. මේ නඩුව ඉක්මනින් අහනවාට දූෂිතයෝ බයයි. ඒ වගේම මේ ආණ්ඩුව ඉතාම සාධාරණයි. මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්ච භාණ්ඩාගාර පනත යටතේ වෙච්ච වැරදි වලටත් මේ නව පනත යටතේ නඩු පවරන්න පුළුවන්. ඒක එක අංගයක්. මේ තියන ප්‍රශ්න විසදන්න උත්සහ කළ රටක් මේක. තජුඩීන් ඝාතනය සමබන්ධයෙන්, මිග් ගණුදෙනුව සම්බන්ධයෙන්, ඉඩම් සංවර්ධන මණ්ඩලයේ සිදු වෙච්ච මුදල් වංචා සම්බන්ධයෙන්. මේ වගේ වංචා 1700ක් පැමිණිලි තියනවා. මේවා සම්බන්ධයෙන් වහාම අපිට තීන්දු තීරණ අවශ්‍යයි.”
ආණ්ඩුවේ ඔබතුමාලා ඉන්නවා නිසා ඕක කරන්න බැරිද?
“ආණ්ඩුව අපි නම් ඕක හෙට උදේම කරනවා. ආණ්ඩුව අපි නෙමෙයි ඒකයි ප්‍රශ්නේ.”
ඒ කියන්නේ ඔබතුමා කොහේද ඉන්නේ?
“අපි මේ ආණ්ඩුවේ තමයි ඉන්නේ. අපි මේ ආණ්ඩුවේ ඉඳගෙන අඛන්ඩ අරගලයක් කරගෙන යන පිරිසක්.”
අර්ජුන මහත්තයා නැතුව ඒ නඩුව අහන්න බැරිද?
“මේ බැදුම්කර පාපය නිසා තමයි ලක්ෂ 50 ඉඳලා ලක්ෂ 26 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රමාණය අඩු වුණේ. ඒ සාපය අපි සියළු දෙනාට තියනවා.”
ඊයේ මුස්ලිම් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය චෝදනා කරනවා අල් ජිහාද්, අල්ලාහු අක්බර්, අඩසඳ කළුවර වගේ පොත් ඇමතිවරුන් ලියලා ඒවා නිසා තමයි මේ ජාතිවාදි කෝලාහල ඇති වුණේ කියලා ?
“ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් අල් ජිහාඩ් අල්කයිඩා පොත මම ලියුවේ 1998 දි. මේ මහනුවර සිද්ධිය ඇති වෙන්න අවුරුදු 20කට කලින්. ඕවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා. අපි පොලිසියට බොහෝම පැහැදිලිව දැනුම් දීලා තියනවා මහසොහොන් බලකාය පිටිපස්සේ කවුද හිට්යේ කියලා බලන්න.”
හැබැයි ඊයේ රවි කරුණානායක මන්ත්‍රිවරයාත් නුවර සංචාරය කරලා කිව්වේ ආණ්ඩුවේ ප්‍රභලයෙක් මේ මහනුවර ගැටුම පිටිපස්සේ ඉන්නවා කියලා?
“අපි නම් එහෙම ප්‍රභලයෙක් ගැන දන්නේ නෑ. ඒක රවි කරුණානායක මහත්තයාගෙන් ම අහන්න ඕන.


No comments