Breaking News

ආගම්වාදී ගැටුම් ඇතිකළ මහසොහොන් බලකාය පසුපස සිටින දේශපාලනඥයින් වහා රටට හෙළි කළ යුතුයි.ඇමති චම්පික රණවක.

Minister_Champika_Ranawaka

‘‘සයිබර් ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් රජය වහාම  දැඩි පියවර ගත යුතුයි.’’ආගම්වාදී ගැටුම් ඇතිකළ මහසොහොන් බලකාය පසුපස සිටින දේශපාලනඥයින් වහා රටට හෙළි කළ යුතුයි. යන කරුණු කිහිපයක් පිළිබඳව අවධාරණය කරමින් මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදුවීම වලක්වාගැනීමටත්, මෙවැනි සිදුවීම් හරහා දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන කුමන්ත‍්‍රණකාරී, අත්වල ලේ තැවරුණු, ලේ ගොහොරුවේ ලැග බලයට ඒම සඳහා පාරවල් කැපීමට වැර වෑයම් දරණ වංචනික දූෂිත පිරිස්වල කුමන්ත‍්‍රණකාරී තත්වය අනාගතයට ගෙන නොයන ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ ය.
අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර, එමගින් කවර ආකාරයක පිරිස්ද, ආගමික නායකයින්, දේශපාලකයින් සම්බන්ධදැයි සොයා බලා විමර්ශනය කර ඒ සියළු දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත් දඬුවම් ලබා නොදීමෙන් සිදුවෙනුයේ තාවකාලික සාමය යට යමින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි. මෙවැනි වංචනික ප‍්‍රචාර මගින් එනම් මෑත කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් වන දියතලාවේ බස් රථයේ සිදුවූ පිපිරීමත් සමග එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් නිකුත් කළාය කියන මාධ්‍ය නිවේදනයක් සමග රාජපක්ෂ මහතාගේ අසූචි වලේ ලැගලා ඉන්න පොහොට්ටුවේ නයකයින්ය කියා ගන්න දේශපාලන සූකරයින් විසින් විශාල ලෙස රට ගිණි තියන්න සැදු බවත්, කොටි ත‍්‍රස්තවාදීන් නැගිටින බවත්, ආණ්ඩුව කොටි ත‍්‍රස්තයින් හුරතල් කරන බවටත්, රණවිරුවන්ගෙන් පලි ගැනීම සඳහා එම සිදුවීම සිදුර කර ඇතිබව ප‍්‍රකාශ කරමින් රටගිනි තැබීම සඳහා විශාල ප‍්‍රයත්නයක් යෙදූබවයි. අද එය ආරක්‍ෂක අංශ සෙබලෙකුගේ පෞද්ගලික සිදුවීමක් බවට අද ඔප්පු වී ඇත. එම සිදුවීම මුල් කර ගනිමින් රටේ ජනවාර්ගික ගැටුමක් ඇතිකිරීමට කටයුතු කළ සූකර දේශපාලනඥයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි චම්පික රණවක මහතා ප‍්‍රශ්න කර සිටී. එමෙන්ම සිදුවීම නැවත නැවත වර්තා කරමින්  මේ රට ඇවිලවීමට කටයුතු කළ මාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව ගවන්නා පියවර ගැන ද අමාත්‍යවරයා ප‍්‍රශ්න කරයි.
අම්පාරේ ඇති වූ වඳපෙති පිළිබඳ කි‍්‍රයාවලිය ව්‍යාප්ත කරනු ලැබුවේ රාජපක්ෂ හිතවාදීන් විසින් බවත් එමගින් ජාතික රැුල්ලක් ඇති කර මුස්ලිම් ජනතාවගේ සහ දමිල ජනතාවගේ ශක්තියෙන් මෙම ආණ්ඩුව පවතින බව පෙන්වමින් සිංහල ජනතාව තුළ අනාරක්‍ෂිත හැඟීමක් ඇති කර, සිංහල ජනතාවගේ බහුතරය දිනා ගැනීමේ උත්සාහයක රාජපක්ෂවරුන් නියැලූන බවද සඳහන් කළේය. ඒ සඳහා සූකර දේශපාලකයින් විවිධ තුරුම්පු එකින් එක පසුගිය කාලයේදී පාවිච්චි කළ බවත් එහි ප‍්‍රතිපලයක් ලෙස අම්පාරේ සිදුවීම හැඳින්විය හැකි බවත්, ඒ පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවේදී එය පිටිගුලියක් බව අනාවරණය වූ අතර එමගින් ජීවිතවලට,දේපලවලට, සමාජයට සිදුවූ හානිය දස දහස් ගණනක් බව ද පෙන්වා දෙන ලදි. එම සිදුවීම ඇවිලවීම සඳහා නොයෙක් අයුරින් උපකාර කළ සියළු දෙනාට, අත් අඩංගුවට ගත් පිරිස් සඳහා ඇප ලබාදීමට කටයුතු කළ අය පිළිබඳවත් වහාම සොයා බලා කටයුතු කළයුතු බවද සඳහන් කරයි.
දිගන සහ මහනුවර ප‍්‍රදේශයන් හි ඇති වූ ගැටුම් කාරී තත්වය පිළිබඳව ගැනීමේදී මහසෝන් බලකාය කියා එකක් තිබෙන බවත් එහි නායකයින් ජාතික හෙළ උරුමයේ නායකයින්ට සම්බන්ධ බව බංකොලොත් රාජපක්ෂවාදීන් ප‍්‍රකාශ කරන බවද මහසොහොන් බලකාය වේවා, වීරවංශ බලකාය වේවා, රාජපක්ෂ බලකාය වේවා  මේ පිටුපස  සිටින්නේ කවුරුන්ද කියා සොයා බලා අවශ්‍යය නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව ප‍්‍රකාශ කරයි.
විශේෂයෙන්ම ලංකා සී නිවුස් එක පිළිබඳව පොලිස්පතිතුමා දැනුවත් කර තිබෙන බවත්, ඒ පිටුපස සිටිනුයේ උප්පැන්නයක්, හැඳුනුම්පතක්, ගුවන් ගමන් බලපත‍්‍රයක් නැති උපන් ගෙයිම වංචනික දේශපාලනඥයෙක් මේ පිටුපස සිටින බවත් මරණ ගෙවල් වල මරණ යට ගැහුවා සේ මේවා යට ගහන්න කටයුතු නොකරණ ලෙසද මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව පොලිස්පතිතුමා වෙත දන්වා යැවූ බවද සඳහන් කළේ ය.
සයිබර් ත‍්‍රස්ත‍්‍රවාදීන් සම්බන්ධයෙන් ද රජය පියවර ගත යුතු අතර සර්ව පාක්‍ෂික සමුළුවක් හා සර්ව ආගමික සමුළුවක් තියන ලෙස රජයට යෝජනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර විදේශ රටවල තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද දන්වා සිටි බව ද සඳහන් කළේ  ය. මෙම කි‍්‍රයාවන් අවුලූවන සහ කි‍්‍රයාත්මක කරන පිරිස් පිළිබඳව වහා නීතිය කි‍්‍රයාත්මක විය යුතු බවද සඳහන් කරයි.
හදිසියේ මෙවැනි පහරදීම් සිදු කිරීමට හේතුව 2019 ජනාධිපති සිහිනය බොඳව යෑම බව පවසන අමාත්‍යවරයා 2010 මෙන් සිංහල බහුතරය දිනා ගැනීමට බැරි බව මේ වන විට පැහැදිලි වී තිබෙන නිසා තමන්ට රටේ ජාතික ඡන්දයෙන් තිබෙන්නේ 39% ක්  බව අප රට ඉදිරියේ ඔප්පු කිරීම නිසා අපේක්‍ෂා බංගත්වයට පත් ව ඇති බව ද සඳහන් කළේ ය. එබැවින් තමන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන ශක්තිමත් චරිතවලට රාජපක්ෂවරුන් බියට පත් වී සූකර දේශපාලනඥයින් ලවා පහරදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව තමන් ආඩම්බර වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජන කණ්ඩායමක් නැවත වතාවක් රාජපක්ෂවරුන්ට රැුවටීමට නොහැකි බවත්, පසුගිය මැතිවරණවල ඡන්ද ප‍්‍රතිපල විශ්ලේෂණය කිරීමේ දී මහින්ද සුළඟ බැහැගෙන යන බවත්, මාධ්‍ය සුළඟක් පමණක් ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. දැන් ඔවුනට ලේ වැගිරීමක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ජනතාව තවදුරටත් නොරැුවටෙන බවත්,අලූත්ගම සිදුවීම ගැන මුල සිටම පරීක්‍ෂණ කටයුතු සිදුකරන අතර එම කි‍්‍රයාවන් සඳහා මූල්‍යමය අනුබලයන් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සත්‍ය හෙළිකිරීමට කටයුතු කරන බවයි. එසේ නොමැති වුව හොත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර මෙම සැකය ඉදිරියටත් පවතින බවත් මහසොහොන් බලකාය කවුද? ඒ සඳහා අනුබල දෙන දේශපාලනඥයින් කවුරුන්ද, ඝාතන කල්ලි කණ්ඩායම් රටට වහාම ඉදිරිපත් කිරීම රජයේ වගකීම වන බවද සඳහන් කරන අමාත්‍යවරයා මෙවැනි ජාතිවාදී, ආගම්වාදී අරගල නැවත සිදු නොවන්නට සියලූ දේශපාලන පක්ෂ මෙන්ම සෑම ආගමික සංවිධානයක්ම ඒකාබද්ධ විය යුතු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

No comments