තවමත් හෙළි නොවූ රාගම ලොකු සීයා ඝාතන අභිරහස. | Reporter තවමත් හෙළි නොවූ රාගම ලොකු සීයා ඝාතන අභිරහස. - Reporter

Breaking News

තවමත් හෙළි නොවූ රාගම ලොකු සීයා ඝාතන අභිරහස.

“මොහොමඞ් සාලි මොහොමඞ් නියාස් මොහොමඞ් සාලි මොහොමඞ් නියාස් Mohamed Sally Niyaz උපත ලබන්නේ බෙන්තර ගෙගන් එහා පැත්තේ ගාල්ලේය. ඉංග‍්‍රීසීන්ගෙන් මෙරට නිදහස නිල වශයෙන් ලැබී දශකයක් ගෙවෙන්නටද මත්තෙනි. පාසල් අධ්‍යාපනය යන්න මහ මෙරක් නොවූ එකල මොහොමඞ් නියාස් කොළඹ එන්නේ ජීවිතය සොයාගෙනය. සරලවම කිවහොත් එකල බොහෝ තරුණයින්ට වැලඳී තිබූ ව්‍යාපාරික උණෙන් ආසක්තවය. මාබෝල ප‍්‍රදේශයේ ඥාති නිවසක නතර වූ ඔහු සුළු සුළු වෙළහෙලඳාම්වල නිරත වන්නට විය. මොහොමඞ් නියාස්ට චාන්දනී රූපිකා මුණගැසෙන්නේ මේ අවධියේය.




ඇයගේ උපන්ගම කළුතරය. මහා බෞද්ධ පුරවරයකින් පැමිණි කාන්ති මොහොමඞ් සමග විවාහ වන්නේ මුණ ගැසී ම`ද කාලයකට පසුවය. මොහොමඞ් මෙකල විවිධාකාර ,බිස්නස්, කටයුතුවල නිරත වූ බැවින් හා විවාහ වූ බැවින් අංගොඩට පැමිණේ.  අංගොඩ ප‍්‍රදේශයේ නිවසක නතරවන මොහොමඞ් යුවළට සිය මුල්ම පිරිමි දරුවා Mohamed Hisan ලැබෙන්නේ එහිදීය. මේ පිරිමි දරුවා දිනෙක මොහොමඞ්ගේ මුළු ජීවිතයේම හිමිකම වෙනුවෙන් පෙනී සිටියෙකි. මොහොමඞ් නියාස් හෙවත් රටම දන්නා පරිදි රාගම දේවාලයේ ලොකු සීයාගේ අභිරහස් මරණයේ යට කතාව අද කතාකරමු.
ඉහත කතාව නතර වූයේ අංගොඩ නිවසට පැමිණි තැනින්ය. අංගොඩ නිවසට පැමිණ ම`ද කාලයකට පසුව මොහොමඞ් විවිධ ආරූඪගෙන නෙක නෙක ගුරුකම් කරන්නට විය. ඔහුගේ ආගම වූ ඉස්ලාම් ආගමට අනුව ,නබිතුමා, ට එහා දෙවියකු සිටිය නොහැක. එහෙත් මොහොමඞ්ට එවැන්නෙක් සිටියේය. එකී නොපෙනෙන දෙවියන් තමා හරහා රටට පෙන්වූ මොහොමඞ් ප‍්‍රදේශයේ ජනතාවට විවිධ ගුරුකම් – තොවිල් ආදිය කරදෙන්නට විය. තමන්ට තේරුම්ගත නොහැකි ප‍්‍රශ්න හමුවේ මිනිසුන් යන්නේ දෙවියන් ළඟටය. දෙවියන් ළඟට යන්නට ඇති දුර වැඩි බැවින් යන්නේ දෙවියන් ආරූඪ වෙනවා යැයි කියනා පිරිස් ළඟටය. මොහොමඞ් ද එලෙස සිය නවතම ව්‍යාපාරික කටයුත්ත කළඑලි බැස්සුවේ මුලින් මුලින් නොමිලයේ කළ කටයුතු පසුව මුදලට කිරීමත් සමගය. මේ අතර අංගොඩ ප‍්‍රදේශය අතහැර මොහොමඞ් හා රූපිකා සිය දරුපැටියාද සමග රාගම ප‍්‍රදේශයට සේන්දු වේ. රාගම ප‍්‍රදේශයේදී විශාල ප‍්‍රසිද්ධියක්ද සමගින් සිය දේව වරම් කටයුතු කරගෙන ගිය මොහොමඞ් නියාස් එහිදී සිය අනන්‍යතාවද වෙනස් කරගනී. හේ එතැන් පටන් ,ලොකු සීයා, විය. මෙකී අනන්‍යතාව හේතුවෙන් මොහොමඞ් නියාස් මුස්ලිම් ජාතිකයෙකු බව කිසිවෙකු සිතුවේ නැත. ඔහුගේ මුස්ලිම් නාමය සමාජය ඉදිරියේ  , ගුරුකම් කරන්නෙකු, ලෙස දුර ගමනක් යාමට කරදරයක් බව ඔහුට වැටහිණිි. එපමණකින් නොනැවතුණු ඔහු නිතර දෙවේලේ සමාජය හා ගැටෙන සිය පුතුන් දෙදෙනාගේ මුස්ලිම් නාමයන්ද වෙනස් කොට ඔවුන්ද , චූටි සීයා,   හා ,පොඩි සීයා , ලෙස අභිෂේක කළේ ය.
රාගම දේවාලයට විවිධාකාර ආගම්වලට අයත් පිරිස් පැමිණෙන්නට විය. ඒ අතර සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරිකයෝද, දේශපාලකයෝද වූහ. ඔවුන් සියල්ලටම අවශ්‍ය දෑ කරදෙන්නට මොහොමඞ් නියාස් හෙවත් ලොකු සීයා උත්සාහ කළේ ය. බැලූ බැල්මට මොහොමඞ් නියාස් හෙවත් ලොකු සීයා කරනා ගුරුකම් සාර්ථක බව පෙනුණි. හොඳම වෙළෙඳ දැන්වීම කට වචනයයි. එකී දැන්වීම මොහොමඞ් නියාස් හෙවත් ලොකු සීයාට උපරිමයෙන් ලැබුණි. හේ සිය දේව බලය සමග බොහෝ දේ කළේය. දෙවි අනුහසින් අණවිණ, කොඩිවිණ කැපීය. ශාන්ති කර්මද කළේය. උතුරා යමින් තිබූ  දේව භක්තිය සමාජගත කිරීම හෙවත් සමාජය ඉදිරියේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ලොකු සීයා කළ කී දේ ද බොහෝය. එහිදී ඔහු හැම විටම පෙරමුණට ගනු ලැබුවේ රාගම දේවාලය සහ එහි වැඩ සිටි දෙවියන්ය. තමන් ප‍්‍රධාන කපු තනතුර දරන රාගම දේවාලය මුල්කර ගනිමින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් තනිවම වැය කර වාර්ෂිකව මහා පෙරහරක් පැවැත්වීමට හේ කටයුතු කළේය. පෙරහර වෙනුවෙන් ප‍්‍රදේශයේ දේශපාලකයින්               රැුසකටම ආරාධනා යැවීය. පෙරහර පෙරමුණේ නිලමේට හැඳ මොහොමඞ් නියාස් හා ඔහුගේ පුතුන් ගමන් කළේ ආඩම්බරයෙනි. මේ පෙරහරට අලි ඇතුන් පමණක් නොව නෙක විසිතුරු අංග එක්වූයේ තනිකරම ඔහුගේ වියදමිනි.
මොහොමඞ්ගේ සිරුර පුරාම කොයිවෙලෙත් රත්තරන් කිලෝ දෙක තුනක් විය. පවුම් බර ගණනක මාල, බ්‍රේස්ලට් හා උර ආවරණ ඔහු පැලඳ සිටියේය. මෙපමණක් නොවේ. සීයාගේ නිවෙස සියලූ සම්පත්වලින් පිරි එකක් බව සියල්ලන්ටම පෙනුණි. නිවසේ නවතම ජීප් රථ හා මර්සිඩිස් බෙන්ස් රථ කිහිපයකි. මෙකී එක් රථයක් කෝටි තුන හතරක්වත් වටී. සීයාට පමණක්ම නොව පවුලේ සියල්ලන්ටම මහා ධනයකින් ආඪ්‍යව ජීවත්වන්නට තරම් මුදල් විය.
ගැටලූව මෙය නොවේ. දේවාලයට වැටෙන මාරු සල්ලිවලින් මෙපමණ දෙයක් කළ හැකිද යන්නයි. එම සැකය එදා පටන්ම රාගම ප‍්‍රදේශයේ ජනතාවට විය. එය විසඳන්නට අප යන්නේ නැත. එය කාලය විසින් විසඳනවා ඇත.
රාගම සිට කොළඹට මහ දුරක් නැත. රටේ ලොකු ලොකු දේශපාලකයන් සියල්ලම පාහේ රාගම මොහොමඞ්ගේ දෙවියන් දකින්නට ඔහුගේ නිවසට ගොස් තිබුණි. දේශපාලකයන් පමණක් නොව රටේ සිටිනා ,ලොකු අතු,  රැුසක් මොහොමඞ්ගේ ගජ මිතුරන් විය. අතේ මුදල් තිබේ නම් හා ඒවා වියදම් කරන්නට ඔහු කැමැති නම් මුදල් සොයන්නේ දෙවියන් යැද ද බල්ලෝ මරලාද යන්න එකී සමාජයේ ගැටලූවක් නොවේ. කොළොන්නාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ද ලොකු සියාගේ දේවාලයේ පිහිට පතා පැමිණි බව කියැවුණි. එසේම දරුණු අපරාධකරුවකුව සිටි කරාටේ ධම්මික පවා කිහිපවතාවක් ලොකු සීයා මුණගැසෙන්නට පැමිණ ඇතැයි පැවසෙයි.
මේ කාලයේම මොහොමඞ් සිය දේවාලයේ ශාඛාවක්ද විවෘත කළේ ය. ඒ වඩා වැඩි අනුගාමිකයින් පිරිසක් වෙත ළංවීමේ වුවමනාවෙනි. ප‍්‍රදේශයේ බොහෝ දේශපාලකයින්ගේ සමීප මිතුරුකම් මත ඇති වූ අලූත් යහළුවෝද බොහෝ වූහ. කෙමෙන් කෙමෙන් 2011 වසර එළැඹුණි.
2011 වසර මෙරටට ඉතාම තීරණාත්මක වසරක් විය. මෙරට හෙරොයින් අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වන්නේ මෙකී වසරේය. ඒ මෙරට ප‍්‍රසිද්ධ දේශපාලකයින් දෙදෙනෙකු එකිනෙකා වෙඩි තබා ගැනීමේ සිදුවීමද ඇතුළත්වය. රට පුරාම විවිධ ස්ථානවල සැඟවී සිටි පාතාල නායකයින් එකා දෙන්නා කවුදෝ පැහැරගෙන ගිය බවට පුවත් පළවන්නට වූයේ මෙකී වසරේය. නමින් පමණක් අසා තිබූ කරාටේ ධම්මිකලා, නේවි රුවන්ලා අතුරුදන් වන්නේ මෙකී කාලයේය.
එකල තිබූ (දැනටත් ඇති* දැවැන්ත සැකයක් වූයේ මෙරටට හෙරොයින් පැමිණෙන එක් ආකාරයක් නම් කෙලින්ම මුහුදු මාර්ගයෙන් බවය. එනම්, රේගුව හරහා නැව්ගතව හෝ ගුවන්තොටුපළ හරහා ගුවන් යානාවලින් හෝ නොව ඉන්දියාවේ සිට කෙළින්ම බෝට්ටු මගින් හොර රහසේ ගෙන එන බවය. ඒවා මෙරට මුහුදු සීමාවේදී මසුන් අල්ලන්නට යන බහුදින ධීවර යාත‍්‍රාවලට ලබාදෙන බවය. මෙකී ක‍්‍රියාවලිය සමායෝජනය කරන්නටද අදටත් ප‍්‍රසිද්ධ නැති පිරිස් එදා සිට තිබේ. සමහර විටෙක ඔවුන් කළ අපරාධ ඔවුන්ගේ පවුල්වල උදවිය හෝ නොදන්නවා විය හැක. කෙසේ හෝ රට පුරාම මෙලෙස සිදුවූ පැහැර ගැනීම් රැුසක් එකල වාර්තා විය. එම පැහැර ගැනීම්වලට ලක්වූවන් ලෙස මාධ්‍ය වාර්තා කළේ දරුණු අපරාධකරුවන්ය. නැතිනම් ඔවුන්ගේ නියෝජිතයින් ය. අපරාධකරුවන්ට තම මුදල් හදල් එහා මෙහා කිරීමට එළියට පහළියට පැමිණීමට නොහැක. එසේම අපරාධකරුවන් සමග මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන්ට එමඟින් උපයනා මුදල් පිළිබඳ සාධාරණ හේතු දැක්විය නොහැක. ,මේ සල්ලි හෙව්වේ කොහෙන් දැයි, පොලිස් ප‍්‍රශ්න කිරීමකට ලක්වූ කළ ඔවුන්ට කට උත්තර නැතිවිය හැක. නමුත්, සමාජයේ සමහර අයකුට තමන් උපයනා මුදල් පිළිබඳ සාධාරණ හේතු දැක්වීමට අපමණ අවස්ථාවන් තිබේ. ඒ ඔවුන් මුදල් උපයනා ආකාරය (ලොවට පෙනෙන්නට* අනුවය. මෙය මොහොතක් සිතිය යුතු කතාවකි. ලෝක අපරාධ සංස්කෘතියේ ,”Money Laundry”, එක් ආකාරයක් වන්නේ මෙවන් රූකඩ මුදල් පිරිසිදු කරන්නන් සිටීමය. මෙය වෙනම ම කතාවකි. එය පාඨක ඔබේ අවධානයටය.
2011 වසරේ තවත් දිනයක, හරියටම දිනය කියන්නේ නම් 2011 වසරේ ඔක්තෝබර් 27 වැනිදා මොහොමඞ් නියාස් සිය දේවාලයේ කටයුතු අවසන් කර නිවෙසට යාමට සූදානම් වුණි. සිය පුද්ගලික රියැදුරා ස්වාමියා පැමිණෙන තෙක් ඔහුගේ නවතම බෙන්ස් කාර් රථයට වී බලා සිටියේය. මොහොමඞ් වාහනයට ගොඩ වූ පසු ඔවුන් නිවෙස බලා ගමන් ආරම්භ කර මද වේලාවක් ධාවනයේ යෙදුණි. වත්තල මහබාගේ පොලිස් වසමේ ගුණසේකර මාවතේදී හදිසියේම බෙන්ස් රථය හරස් කළ පිරිසක් මොහොමඞ්ව ඔවුන්ගේ වාහනයට නංවා ගත්තේ බලෙන්මය. රියැදුරාට කරන්නට කිසිත් නොවීය. මොහොමඞ් නියාස් හෙවත් රාගම දේවාලයේ ලොකු සීයා ජීවතුන් අතර සිටිනු දුටු අවසන් අවස්ථාව එය විය.
කාලය පැය දින වී, දින ගතවී ගෙවී ගියේය. මොහොමඞ්ගේ බිරිඳ වූ රූපිකා නියාස් ඇතුළු සියල්ලෝම මොහොමඞ්ව සොයන්නට වූහ. ඔහුට සිදුවූයේ කුමක්දැයි බලන්නට විය. මොහොමඞ් හා සම්බන්ධතා පැවැත්වූ මහා දේශපාලක චරිතවලට කතාකොට උපකාර ඉල්ලන්නට විය. මොහොමඞ් සමග එක්ව මෙතෙක් කල් රටම පෙනී සිටි දෙවියන්ගෙන් කිසිවකු උපකාර ඉල්ලූවේ නැත. දෙවියන්ට කරන්නට දෙයක් නොතිබුණා විය හැක. සමහර විට ඔය කියනා පරිදි දෙවි කෙනකු සිටියා දැයි දන්නේ අතුරුදන් වූ මොහොමඞ්ම පමණි. දැනට පාර්ලිමේන්තු වරම් අහිමි හා මැතිවරණයට ඉල්ලන්නටද වරම් අහිමිවූ බුදුන් වැඩිය පුරයේ ඇමැති කෙනෙක්ද දහඩිය සලමින් මොහොමඞ් සොයන්නට විය. කිසිවකින් පලක් නොවුණි. මොහොමඞ් ගැන හුස්ම පොදක ආරංචියක් නැත.
අක්කරෙපත්තුව වෙරළට ගොඩගැසූ මළ සිරුරක් ගම් වැසියන් විසින් පොලිසියට ලබා දෙන්නෙ මේ අතරේය. බඩ කපා, සිරුර වටා කටු කම්බි ඔතා, පොලිතීන්වලින්ද සිරුර ඔතා දැඩි සේ වද දී ඝාතනය කළ පිරිමි අයකුගේ යැයි සැක කරනා සිරුරක් මෙලෙස අක්කරෙපත්තුවෙන් සොයා ගැනුණි. මේ මොහොමඞ් ද…?
සාමාන්‍යයෙන් අපරාධයකදී නීති ආයතනවල මුල්ම අවධානය යොමු වන්නේ එකී අපරාධය කළේ කවුරුන්ද යන්න සෙවීමටය. එහෙත්, මෙවර කතාව වෙනස් විය. මුලින්ම සොයාගත යුත්තේ සැබෑවටම මෙලෙස ඝාතනයට ලක්ව සිටින්නේ කවුද යන්නයි. එනම්, 2011 වසරේ නොවැම්බරයේ අක්කරෙපත්තුව වෙරළට ගැසූ ඇති පොලිතීන්වලින් හා කටු කම්බිවලින් බැඳ දමා තිබූ දින ගණනක් පැරණි මළ සිරුරක ජීවත්ව සිටියදී අනන්‍යතාව හඳුනා ගැනීම මෙහිදී වැදගත්ය. මුලින් කී පරිදි මොහොමඞ් නියාස් හෙවත් රාගම දේවාලයේ ලොකු කපුවා අතුරුදන් වන්නේ 2011 වසරේ ඔක්තෝම්බර් 27 වෙනිදාය. අක්කරෙපත්තුව මුහුදු වෙරළට කාගේදෝ සිරුරක් ගොඩ ගසන්නේ නොවැම්බර් 05 වැනිදා සන්ධ්‍යාවේය. දින දහයක පරතරයක් රාගම දේවාලයේ ප‍්‍රධාන කපුවාගේ අතුරුදන් වීමට පසුව ගෙවී ඇත. එකී කාලය තුළ මෙරට අතුරුදන් වූ එකම පුද්ගලයා මෙකී මොහොම්ඞ් නියාස් නමැති පුද්ගලයා පමණක් නොවේ. එකී පුද්ගලයාට අමතරව තවත් කී දෙනකු නම් මෙරට අතුරුදන්වී ඇත්දැයි පාඨක ඔබට දළ අදහසක් හෝ නැතිවා විය යුතුය. රඹුක්කන ප‍්‍රදේශයේදී කරාටේ ධම්මික අතුරුදන් වූයේ මෙකී කාලයේය. කඩුවෙල පාතාලයේ කෙරුමෙකු යැයි කියවෙන ගලබොඩා නමැත්තා අතුරුදහන් වූයේද මෙකී කාල සීමාවේදීය. කොට ලක්ෂ්මන්, ෆෙරෝස්, නේවි රුවන්, අජා ආදින් පවා අතුරුදන් වූයේ මෙකී කාල සීමාවේය. මීට අමතරව ක‍්‍රිස්ටෝපර් ෆර්නැන්ඩෝ නමැත්තෙක් කොළඹ ජම්පටා වීදීයේදීද අප කතාවේ කතා නායක රාගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර මොහොමඞ් නියාස්ද අතුරුදන් වේ.
අක්කරේපත්තුව වෙරළින් හමුවූ සිරුරට නෑකම් කියන්නට මෙලෙස උප්පැන්න සහතික රැුසක් එළියට පැමිණිය හැක.

බේබි 81 සිද්ධිය මෙනි. කෙසේ වෙතත් කිසිදු අයකු හඳුනා ගැනීමට ඉදිරිපත් නොවී දින 18ක් මළ සිරුර අක්කරේපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබුණි. මේ අතර අතුරුදන් වූ සිය පියා සොයමින් රටවටා ගිය මොහොමඞ් නියාස්ගේ දරුවන් හා පවුලේ උදවියට අක්කරේපත්තුව වෙරළින් හමුවූ සිරුර ගැන අසන්නට ලැබුණි. කොළඹ වත්තලදී අතුරුදන් වූ පියා අක්කරේපත්තුවට යන්නට ඇති අවකාශ සීමිත බැවින් හා තවත් කොළඹ අවටම සොයන්නට තිබූ බැවින් මොහොමඞ්ගේ දරුවන් අක්කරේපත්තුවේ සිරුර දැකබලා පැමිණීමට සිය පවුලේ ඥාතියෙකු පිටත්කර හරී. ඔහු නොවැම්බර් 24 වැනිදා දහවල් අක්කරේපත්තුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් නාඳුනන සිරුර පරීක්ෂා කළේය. උසාවියකදී ඔප්පු කළ හැකි සාක්ෂිවලින් යුක්තව නොවුණත් අදාළ ඥාතියා සිය දැනීම අනුව වහාම මළ සිරුර හඳුනා ගත්තේය. කාලයක් තිස්සේ පාදයේ පවතින තුවාලයක් නිසා ලොකු සීයා ඒ පාදයට මේස් එකක් පැලඳීමට පුරුදුව සිටියේය. මෘත ශරීරාගාරයේ තිබූ සිරුරේ එම මේස් එක ඒ අයුරින්ම තිබිණි. එමෙන්ම අතේ ඇඟිල්ලක තුවාලයක් තිබූ අතර එයද රෙදි පටිවලින් බැඳ තිබිණි. ලොකු සීයා අවසන් වරට ඇඳ සිටි ඇඳුම්වලින්ද ඔහු හඳුනා ගැනීමට ඥතියාට අපහසු වුණේ නැත. ඥතියා ඒ මොහොතේම පොඩි සීයාට දුරකථන ඇමතුමක් දී මේ බව දැනුම් දුන්නේය. අක්කරේපත්තුව ප‍්‍රධාන නීති ආයතන ඥාතියාගේ වචනය පිළිගත්තේ නැත. ඔවුන් පැවැසුවේ මියගිය පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ පවුලේ ළඟම ඥාතියකු පැමිණිය යුතු බවයි. ඒ අනුව මොහොමඞ් නියාස්ගේ එක් පුත‍්‍රයකු වූ මොහොමඞ් හිසාන් නමැත්තා 24 වැනිදා සවසම අක්කරේපත්තුව රෝහල වෙත ගියේය. හේ මොහොමඞ් නියාස්ගේ සිරුර හඳුනා ගත්තේය. ඒ වන විට මියගිය ලොකු සීයාගේ මරණ පරීක්ෂණය ද පවත්වා තිබිණි. මරණ පරීක්ෂණයෙන් නිගමනය කර තිබුණේ ලොකු සීයාගේ මරණය ගෙල සිරකිරීමකින් කර ඇති බවයි. ඒ අනුව මෙය මිනීමැරුමක් බවට වෛද්‍යවරයා නිගමනය කළේය.
රළු හඳුනා ගැනීම අවසන් වුවද මෙය අධිකරණයකදී බලාත්මක කළ නොහැක. ඒ සඳහා පිළිගත් විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අවශ්‍යය වේ. දිනගණනක් මුහුදේ තිබූ මළ සිරුර දැඩි ලෙස දියවී තිබුණි. ප‍්‍රධාන කපුවා නිතරම පාහේ සිටින්නේ උඩු කය නිරුවත්ව බැවින් ඔහුගේ සිරුරේ වූ සලකුණු යමකුට හොඳින් මතක තිබිය හැක. එය කිසි විටෙකත් අධිකරණයේදී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකළ හැකි මානයක් නොවේ.
මොහොමඞ් සාලි නියාස් හඳුනා ගැනීමේ බරපතළ කොටස පැටවෙන්නේ බොරැුල්ල ජින්ටෙක් ආයතනයටය. ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය රුවන් ඉලේපෙරුම මහතා ඇතුළු පිරිසකට අධිකරණය නියෝගකර සිටින්නේ, රාගම දේවාලයේ ඥාතීන් පවසන පරිදි මෙලෙස අක්කරේපත්තුව මුහුදු වෙරළින් හමුවූ සිරුර සැබෑවටම රාගම දේවාලයේ සිටි හා දැනට අතුරුදන් යැයි කියවෙන පුද්ගලයාටම අයත් දැයි සොයා බලා වාර්තා කරන, ලෙසටය. ඒ අනුව අක්කරෙපත්තුව මුහුදු වෙරළින් හමුවූ මළ සිරුරේ අතක ඇඟිල්ලක කොටසක් ජින්ටෙක් ආයතනයට ලබාදෙන ලෙස අධිකරණ වෛද්‍යවරයාට අධිකරණය විසින් නියෝග කරයි. එකී ඇඟිල්ලක කොටසින් DNA වෙන්කර ගැනීමට ජින්ටෙක් විද්‍යාගාරයේදී පරීක්ෂණ සිදුකෙරේ. එලෙස වෙන්කර ගනු ලැබූ DNA දෙස මුලින්ම බැලූ විට පෙනීගියේ මේවා පිරිමි පුද්ගලයකුට අයත් DNA බවය. මේ බව ගරු අධිකරණයට දැනුම් දෙන්නට ජින්ටෙක් ආයතනය කටයුතු යොදයි.
දැන් කළ යුත්තේ මළ සිරුරේ තිබී සොයාගත් ෘභ්  එම මළ සිරුරට හිමිකම් කියනා පාර්ශ්වය සමග ගළපා යම් ආකාරයක සැසඳීමක් ඇත්දැයි සොයාගැනීම ය. පිරිමි මළ සිරුරක් බැවින් මෙහිදී හඳුනා ගැනීමේ පරික්ෂණයට  Y Chromosomes (ක්‍රොමසෝම්* න්‍යාය යොදාගන්නට තීරණය විය.
කුමක්ද මේ Y ක්‍රොමසෝම් න්‍යාය, අප එය විමසුවේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතාගෙනි.
,ඔව්. මෙතැනදි විශේෂ අවධානය යොමු වෙන්නේ හඳුනා ගන්නට නියමිත පුද්ගලයාගේ 23 වැනි වර්ණදේහ යුගලය වෙතට. මනුස්සයෙක්ගේ ෙසෙලයක තියෙන වර්ණදේහ යුගල් ගණන 23 ක් කියලා දන්නවානේ. ඒ විසි තුනෙන් 23 න් වැනි එක තමයි ඔහුගේ හෝ ඇයගේ ලිංගය තීරණය කරන්නේ. ඒ කියන්නේ ගැහැනුද පිරිමිද කියලා තීරණය කරන්නේ. ඒක වෙන්නේ X හා Y කියන ප‍්‍රධාන වර්ණදේහ වර්ග දෙකක් හරහා.  ඕනෑම මිනිසකුට තමාගේ මවගෙන් මින් එකක් හා පියාගෙන් එකක් විදියට වර්ණදේහ යුගළක් ලැබෙනවා. මවට දෙන්න පුළුවන් X කියන වර්ණ දේහය විතරයි. පියාට පුළුවන් X හෝ  Y කියන  ඕනෑම වර්ණදේහයක් ලබා දෙන්න. පියාගෙන් X වර්ණදේහය ලැබුනොත් මවගෙන් අනිවාර්යයෙන්  ලැබෙන්නෙත් X වර්ණදේහයම නිසා අවසාන එකතුව XX කියලා යුගළක්. XX කියලා කියන්නේ උපදින දරුවා ගැහැනු දරුවෙක්. පියාගෙන් ලැබුනේ ශ වර්ණ දේහය නම් මවගෙන් අනිවාර්යයෙන් ලැබෙන්නෙ මුලින් කිව්වා වගේ X වර්ණදේහයනේ. එතෙන්දි සෑදෙන යුගලය තමයි XY කියන්නේ. මෙහෙම යුගළයකින් උපදින දරුවා පිරිමි දරුවෙක්. දැන් ඔබට පෙනෙනවා ඇති පියාගේ Y වර්ණදේහ කොටස අනිවාර්යයෙන්ම ඔහුගේ පුතාගේ වර්ණදේහවල තිබිය යුතුමයි. එනම්, පුතෙක්ගේ 23 වැනි වර්ණදේහ යුගළේ ඇති ශ වර්ණදේහය ඔහුගේ ජීව විද්‍යාත්මක පියාගේ 23 වැනි වර්ණදේහ යුගළේ ඇති Y වර්ණදේහය සර්වසම විය යුතුයි. පිය – පුතු සම්බන්ධතාවය හඳුනාගන්නට මෙකී කාරණය අතිශය වැදගත්. මේක තමයි Y ක්‍රොමසෝම් න්‍යාය කියන්නේ. මේක විවිධාකාරයෙන් විවිධ අවස්ථාවලදී භාවිත වෙනවා. පිය පුතු විතරක් නෙවෙයි ස්ත‍්‍රී ¥ෂණවලදීත් මෙය භාවිත වෙනවා…..,

මොහොමඞ් නියාස් හට පුතුන් දෙදෙනෙකි. එක් දුවෙකි. එම්. එන්. එම්. හිසාන් යනු ඔහුගේ ලොකු පුතාය. සිය පියා වෙනුවෙන් පරීක්ෂණයට ඉදිරිපත්වන්නේ මේ පුතුය. ඔහුගේ රුධිර සාම්පලයක් ආශ‍්‍රයෙන් ලබාගන්නා DNA කොටස් අදාළ මළ සිරුර මඟින් ලබාගත් ෘභ් සමඟ සසඳන්නට යෙදුනි. එහිදී පෙනී ගියේ පුතාගේ DNA හා මළ සිරුරේ DNA සියයට සියයක්ම එකිනෙක පෑහෙන බවය. වෙසෙසින් කිව යුත්තේ එහිදී සසඳන්නට යොදා ගන්නේ ඉහත කී ශ ක්‍රොමසෝම් න්‍යාය අනුව 23 වැනි වර්ණදේහ යුගළේ ඇති ශ වර්ණ දේහ යුගළයයි. රාගම ලොකු සීයාගේ මිනීමරුවා සෙවීමේ සැබෑ පරීක්ෂණ අද මේ මොහොතේත් සිදුවෙමින් පවතී.
ප්‍රසාද් අබේවික්‍රම

No comments