Breaking News

බයිස්කෝප් පෙන්නා අාපනශාලා හිමියෙකුට කල කැත වැඩක් CCTV කැමරාවෙන් මාට්ටු වෙයි

පසුගියදා ආපන ශාලාවකින් ආහාර ලබා ගැනීමට පැමිණි තරුණයින් දෙදෙනෙකු බොරු චෝදනා එල්ලකර ආපන ශාලා හිමියා බිය වද්දා රුපියල් තුන්දහසක මුදලක් රැගෙන ගිය පුවතක් වාර්තා වනවා.තමන්ට කෑමට ලබා දුන් ආහාර වල මැරුණු හූනෙකු සිටි බවට බොරු රඟපෑමක්‌ සිදුකර අදාල හෝටලයේ හිමිකරු බියවද්දා මෙලෙස රුපියල් 3000 ක කප්පම් මුදලක්‌ ලබාගෙන තිබෙනවා.
තරුණයින් දෙදෙනාගේ තර්ජනවලට බියවී කප්පම් මුදල ලබාදුන්නද ඔවුන් නික්ම ගියපසු හෝටලයේ හිමිකරු විසින් ආරක්‍ෂක කැමරා පද්ධතියේ රූප රාමු පරීක්‍ෂා කර බලා තිබෙනවා. එහිදී තරුණයින් විසින් මරණ ලද හූනෙකු රැගෙන විත් කෑම පිඟානට දමන අයුරු නිරීක්ෂණය වී තිබෙනවා.
පසුව එම තරුණයින් දෙදෙනා පසුපස හඹාගොස් අල්ලාගෙන ගස්‌ බැඳ පොලිසියට බාර දී තිබෙනවා. අනතුරුව හෝටල් හිමියා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්‍ෂකවරයාටද මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඔහු පැමිණ පරීක්‍ෂා කර බලා නිගමනය කර ඇත්තේ  මරා තම්බන ලද හූනෙක්‌ මෙලෙස ආහාර වලට එකතුකර ඇති බවයි.
මෙලෙස කප්පම් මුදලක්‌ ලබා ගත් බව කියන තරුණයින් දෙදෙනා මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින බවද වාර්තා වනවා. එසේම හෝටල් හිමියා බියවද්දා ලබාගත්  මුදල් ද මත්කුඩු මිලදී ගැනීම සඳහා ඊසි කෑෂ් ක්‍රමයට ගෙවීම් කර තිබෙන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.


No comments