Breaking News

FB ආයතනයෙන් අලුත් තීරණයක්....


වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පනවා ඇති ෆේස්බුක් අවහිරය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ෆේස්බුක් ආයතනයේ තාක්ෂණික නිලධාරීන් මේ බව සී.එන්.බී.සී ප‍්‍රවෘත්ති ආයතනය වෙත විද්යුත් පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා ශ‍්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය පවසයි.

වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි නීති සිය සමාගම සතුව පවතින අතර ඒ අනුව ඒවා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය පෙන්වා දෙයි.

මේ අතර සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ද අවධානය යොමුව තිබේ.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ පිළිබඳව  සිය කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

No comments